ගයාත්‍රී ඩයස් කියන චරිතය ගැන අප ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නෑ, මොකද ඇය ලාංකේය ප්‍රේක්ෂකයන් අතර ඒ තරම්ම ජනප්‍රියයි, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ගයාත්‍රී ඩයස් සමග, ඉතින් ගයාත්‍රී කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ ඉතින් ”මේ දවස්වල මම පොඩි පොඩි නිර්මාණ කිහිපයක් කරගෙන යනවා, ඒ වගේම මගේ මිතුරන් දෙදෙනෙක්ගේ නිර්මාණ කිහිපයකටත් සම්බන්ද වුනා, කොහොමත් මම පහුගිය කාලයේ හිතන් හිටියේ නිෂ්පාදකවරයෙක් මුණගැහුනේ නැත්නම් මම හරි නිර්මාණයක් කරනවා කියලා, හැබැයි ඒ ප්‍රශ්නය විසඳුනා,
ගයාත්රිට ඉන්නේ දියණියන් දෙදෙනෙක් ඉතින් පොඩ්ඩක් කියන්නකෝ දුවලා දෙන්නා ගැන ”මගේ දුවලා දෙන්නම තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න ළමයි දෙන්නෙක්, ඇත්තම කියනවනම් මම අනිත් අම්මලා වගේ නෙවෙයි මම මගේ ළමයි දෙන්නට වද දිදී ටියුෂන් පන්ති එක්කගෙන ගියේ නෑ, චන්න අයියත් කවදාවත් ළමයින්ට එහෙම කරදර කරලා නෑ, එයාලා ඒවා තනියම කරගත්තේ,
ළමයි දෙන්නත් ඉදිරියේදී කලාවට සම්බන්ද වෙයිද..? ”අපේ දරුවන් කලාවට සම්බන්ද වෙනවට අපි දෙන්නම පොඩ්ඩක්වත් අකමැති නෑ, හැබැයි අපේ දුවලා දෙනටම කලාව ගැන ලොකු උනන්දුවක් නෑ, පොඩිකාලේ ඉඳලම එහෙමයි, මගේ ලොකු දුව මලෙෂා, එයානම් චන්න අයියගේ නිර්මාණවල පොඩි කාලේ ඉඳලා තියෙනවා, හැබැයි ඊටපස්සේ එයා දිගටම අධ්‍යාපන කටයුතුවලට අවධානය යොමුකරන නිසා එයා ආයේ කළා නිර්මාණ වලට සම්බන්ද වුනේ නෑ, හැබැයි දැන්නම් එයා රඟපාන්න ආසාවෙන් ඉන්නේ කියලා අපි දෙන්නටම තේරෙනවා”
ගයාත්‍රී ආයෙමත් චන්න සමග එකතු වුනා නේද..? ”ඔව් අපි දෙන්නා ආයෙමත් එකතු වුනා, ගොඩක් අය හොඳ කියලා තියෙනවා විවාහ ජීවිතයේ දී සමහර ප්‍රශ්න එනවා, මිනිස්සු නොගැලපීම් තියෙද්දී දුරස්වෙනවා, හැබැයි අපි දෙන්නම දරුවන්ගේ වැඩ වලදී එකා වගේ ඉදිරිපත් වුනා, අපි දෙන්නා ප්‍රශ්න නිසා වෙන්වුනත් අපි දෙන්නම වෙනත් විවාහ වලට ගියේ නෑ ඒ අපේ දරුවන් නිසා. කවමදාවත් එහෙම කරන්නේ නෑ කියන තැනයි අපි දෙන්නම හිටියේ, ඒ කාලයේ අපිට එකට ජීවත් වෙන්න බැරි වුනත් අපි දරුවන් වෙනුවෙන් නිතරම පෙනී සිටියා, එකට හිටියේ නැති වුනත් දරුවන්ගේ විශේෂ අවස්ථා හැම එකකදීම අපි දෙන්නම එකටම හිටියා, දැන් අපි ආයෙත් එකතුවෙලා”