මට කොල්ලෙක් ඉනවා හැබැයි මම එයාව බඳීවිද කියලා ෂුවර් නෑ – ටීනා ෂනෙල්

ලංකාවේ නිරූපන ශිල්පිනියක් විදියට කාගේත් අවදානය දිනාගත්ත නිරූපන ශිල්පිනියක් තමයි ටීනා ෂනෙල් කියන්නේ, ඒ වගේම ටීනා රංගන ශිල්පිනියක විදියටත් ගොඩක් ජනප්‍රියයි, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන සුන්දර රුවකට හිමිකම් කියන ටීනා ශනෙල් සමග, ඉතින් ටීනා මොකද වෙන්නේ මේ දවස්වල, ”මේ දවස්වල ඉතින් සිහින ගෙනෙන කුමාරියේ ටෙලිනාට්‍ය එක්ක තමයි මම වැඩිපුරම කාලය ගෙවන්නේ, ඒ වගේම ළඟදී තවත් ටෙලිනාට්‍යක් කළා, බාරගෙන තියෙන වැඩ ගොඩකුත් තියෙනවා, ඉතින් ඒ දේවල් එක්ක තරමක් කාර්යබහුල වෙලා ඉන්නවා”

ටීනා ඔබට ලැබෙන හැම නිර්මාණයක්ම බාරගන්නවද..? ඇත්තටම නැහැ, මට ගොඩක් ආරාධනා එන්නේ මියුසික් වීඩියෝ වලට, හැබැයි මම එහෙම ආවට ගියාට නිර්මාණ බාරගන්නේ නෑ, මොකද මගේ ගානක් තියෙනවා ඒ ගාන මට ගෙවන්න ඕන, හැබැයි මගේ වටිනාකම මට ලැබෙනවා කියලා මම පිටපත හෝ ඒ ගීතය මට සෙට් නැත්නම් මම ඒ නිර්මාණය බාරගන්නේ නෑ, මම පටන් ගත්ත කාලයේ වගේ නෙවෙයි දැන් නිර්මාණයක් බාරගන්න කලින් මම ඒ දේවල් ගැන ගොඩක් හිතනවා”

ටීනා අපිට දකින්න ලැබෙන්නේ වෙනස් වෙනස් චරිත වලින්, මොකද්ද ඒකට හේතුව ”ඇත්තටම මම කැමති නෑ රාමුවක් ඇතුලේ කොටුවෙලා රඟපාන්න ඒ නිසා තමයි මම විවිදත්වයක් තියෙන චරිත රඟපාන්න, මම කැමති නෑ එකම විදියට ප්‍රේක්ෂකයන් මාව දකිනවට, සමහර වෙලාවට මගේ බාහිර පෙනුම නිසා සමහර චරිත ලැබෙන්නේ නෑ, හැබැයි මම ආසයි ඒ අභියෝග බාරගන්න ඒ වගේ අභියෝගයක් තියෙන චරිත ලැබෙනවානම් මම හරිම ආසයි”

ඔබ එක්ක රංගනයට ආව ගොඩක් අය දැන් විවාහ වෙලා, ඉතින් ටීනා දැන්ම විවාහ වෙන්න අදහසක් නැද්ද ”විවාහ වෙන්න නම් ආදරයක් තියෙන්න ඕන නේ, මම ආදරේ කරලා තියෙනවා, හැබැයි මම යාළුවෙලා හිටපු අය සහ මගේ අතර තියෙන නොගැලපීම් නිසා අපේ සම්බන්දයක් බිඳ වැටිලා තියෙනවා, හැබැයි මම ඒ ගැන පසුතැවෙන කෙල්ලෙක් නෙවෙයි, මම හිතන්නේ ඒ හැම දෙයක්ම වෙන්නේ හොඳට කියලා, මම දැන් ආදරවන්තියක් හැබැයි මම තාම එයා එක්ක විවාහ වෙනවද කියලා තීරණය කරලා නෑ, හරිම වෙලාව ආවම මම විවාහ වෙයි කියලා හිතනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *