එයා ඔස්ට්‍ර්ලියානු ක්‍රිකට් පුහුණුකරුවෙක් මගේ බොක්කටම දැනුන ආදරයක් ඒක – යුරේනි

යුරේනි නොෂිකා, නම ඇහුනත් රුව දැක්කත් පමණක් නෙවෙයි කටහඬ ඇහුනත් ඔබ ඇයව හඳුනනවා, විලාසිතා නිසා පමණක් වෙයි සමාජ ජාලා හරහාත් යුරේනි ලංකාවතුල හරිම ජනප්‍රියයි, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔබත් මමත් ගොඩක් ආදරේ කරන යුරේනි නොෂිකා සමග ටිකක් කතාකරන්න, යුරේනි අපි දකිනවා ඔයා රංගන දායකත්වය ලබාදෙන හැම නිර්මාණයක්ම වගේ අලුත් අය අධ්‍යක්ෂණය කරපු නිර්මාණ නේද..? ”ඔව්, නිනෝ ලයිව් කියන ෆිල්ම් එක, කූඹියෝ සහ මම රංගනයෙන් දායක වුන නයිට් රයිඩර් ඔක්කොම නිර්මාණ අලුත් අධ්‍යක්ෂකවරු අධ්‍යක්ෂණය කරපු නිර්මාණ, මම එහෙම වැඩිපුර හිතලා බාරගන්නවා නෙවෙයි පිටපත බැලුවම හොඳයි කියලා හිතෙනවා එතකොට බාරගන්න හිතෙනවා”

යුරේනි ඇයි නිතරම ටෙලිනාට්‍ය හරහා දකින්න ලැබෙන්නේ නැත්තේ, ”එහෙම හේතුවක් නෑ, සාමාන්යෙන් ටෙලිනාට්‍යකට දවසකට පැය අඩුම 10-12ක් වත් වෙන් කරන්න වෙනවා, ඇත්තටම මගේ වැඩ එක්ක බලද්දේ ඒක ලොකු කාලයක්, ඉතින් මම ටෙලිනාට්‍ය බාරගන්නේ අඩුවෙන්, මගේ ගාන මට ගෙවනවනම් මම නිර්මාණ බාරගන්නවා, එහෙම නැතුව අපිට රඟපාන්න බෑ නේ,”

පොඩි කාලේ ඉඳලා යුරේනි ජීවත් වුනේ ආච්චි සහ සීයා එක්ක නේ ”ඔව් මම පොඩි කාලේ ඉඳලා ජීවත් වුනේ ආච්චි සහ සීයා එක්ක, ඒ අය හරිම සරල විදියට හිතන අය, ඒ දෙන්නා අනිත් වැඩිහිටියෝ වගේ මට කවදාවත් අරක කරන්න එපා මේක කරන්න එපා කියලා නීති දාල තිබ්බේ නෑ, එයාල මට නිදහසේ හිතන්න නිදහසේ ජීවත් වෙන්න කියලා දුන්නා, ඉතින් ඒ නිසා මට වැරදුනේ නෑ,”

යුරේනි කියන්නකෝ ඔයාගේ ආදරේ ගැන විස්තර ටිකක් ”මට ආදරේ කරන්න ගොඩක් අය බයයි, මම ආශ්‍රය කරන ගොඩක් වැදගත් පවුල්වල ළමයි මට ආදරෙයි කියලා දැනිලා තියෙනවා, හැබැයි මගෙන් අහලා නෑ, එයාලට බය ඇති, මම මේ වෙද්දී හතර දෙනෙක්ට ආදරේ කරලා තියෙනවා, හැබැයි දැන් ඒ සම්බන්දයන් එකක්වත් නෑ, මම වැඩියෙන්ම ආදරේ කලේ විදෙශිකයෙක්ට, කිඳුරඟනා නාට්‍යයේ රඟපාන කාලේ තමයි මට එයාව මුණගැහෙන්නේ, එයා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙක්, මට වඩා අවුරුදු හතක වැඩිමල් ඒක තමයි මගේ බොක්කටම වැදුන ආදරය පස්සේ අපේ සම්බන්දය නතර වුනා,”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *