මට ඕන විදියට ඉන්න දෙන්නේ නැති නිසා මම බෝයි ෆ්රෙන්ගෙන් වෙන් වුනා – ශලනි

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය තමයි ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය, ඉතින් මේ ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි ශලනි ප්‍රනාන්දු කියන්නේ, දෙවෙනි ඉනිම නාට්‍යයේ ලිහිණි විදියට හැමෝගෙම ආදරේ දිනාගත්ත ශලනි ප්‍රනාන්දු සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ. ශලනි කියන රංගන ශිල්පිනිය බිහිවුනේ කොහොමද..? ‘ශලනි කියන රංගන ශිල්පිනිය බිහිවුනේ ලිහිණි නිසා, ඇත්තටම ඒ ගෞරවය හිමිවෙන්න ඕන ලිහිනිට, ලිහිණි නිසා තමයි කවුද මේ නිළිය කියලා හැමෝම හොයන්න පටන්ගත්තේ, මට ගම්බද අයගෙන් පුදුමාකාර ආදරයක් ලැබෙන්නේ, ඇත්තටම ලිහිණි කියන්නේ මගේ ජීවිතයට ආව ආශිර්වාදයක්”

හැබැයි දැන් ලිහිණි පේන්න නෑ ඇයි ඒ ”අවුරුදු පහකට වැඩි කාලයක් මම ලිහිණි කියන චරිතය හරහා ප්‍රේක්ෂකයන්ට සමීපවුනා, ඒ වගේම මම විශ්වාස කරනවා, කොහොම වුනත් පොඩි පොඩි හේතු ටිකක් නිසා මම ලිහිණි කියන චරිතයට සමුදුන්නා, හැබැයි මම ඉදිරියේදී ලොක්කී 2 හරහා ඔයාලට සමීප වෙනවා, කොහොම වුනත් මම ආයේ ලිහිණි චරිතයෙන් දකින්න ලැබෙන එකක් නෑ”

ශලනි රඟපාන්න එන්නේ රංගනය ගැන හැදෑරීමක් කරලද..? ”ඇත්තම කියනවනම් මම කිසිම හැදෑරීමක් කරලා නෙවෙයි රඟපාන්න එන්නේ, මගේ මුල් රංගනය දැක්කම මටම පේනවා ඒවගේ ගොඩක් අඩුපාඩු තියෙනවා, මම ෆිල්ම් බලන්න ඇබ්බැහි වෙච්ච කෙනෙක්, මම හැම රටකම වගේ ෆිල්ම් බලනවා, ඒවගෙන් ඉගන ගත්ත දේවල් සහ අපේ ප්‍රවීණයන්ගෙන් ඉගන ගත්ත දේවල් එක්ක තමයි මම මේ ගමන ආවේ,”

ශලනි ආදරේ විඳින්නේ කොහොමද ”මම ආදරේ විඳලා තියෙනවා, හැබැයි දැන් ඒක ඉවරයි, මේ වෙද්දී මම ආදරවන්තියක් නෙවෙයි, ආදරේ කියන්නේ ගොඩක් විශේෂ දෙයක් හැබැයි ආදරේ කරද්දී අවංක වෙන්න ඕන, සියයට සියයක්ම විශ්වාසය කියන දේ තියෙන්න ඕන, ආදරේ කරන කෙනා දිහා වෙන කෙනෙක් බැලුවත් රණ්ඩු වෙනවනම් වැඩක් නෑ, හැබැයි එයා මම කියන විදියට ඉන්න ඕන නෑ, මම කියන විදියට එයා ඉන්නත් ඕන නෑ, නිදහස කියන දේ තමයි තියෙන්න ඕන, එතන තමයි ආදරය රැඳෙන්නේ, ඉතින් මම දැන් මගේ ආදර සම්බන්දය නතර කරලා තියෙන්නේ මොකද මම හොයන නිදහස එතන නෑ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *