මම අධ්‍යක්ෂක කෙනෙක් එක්ක යාලුවුනේ අලුත් කෙනෙක්ට මේ ක්‍ෂේත්‍රයේ රැඳෙන්න අමාරු නිසා – හිරුෂි

රංගන ශිල්පිනියක විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර තරුණියක් තමයි හිරුෂි පෙරේරා කියන්නේ, ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වන ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ අනගි විදියට ඔබ හමුවට එන හිරුෂි සමගයි අද අපේ කතාබහ,ඉතින් හිරුෂි අනගි හිරුෂිට වඩා ජනප්‍රියයි නේද..? ”ඔව් දැන් නම් ගොඩක් අය හිරුෂි කිවුවට මාව දන්නේ නෑ, අනගි කිවුවම තමයි මාව හඳුනන්නේ, දැන් පාරේදී කවුරු දැක්කත් මට කතා කරන්නේ අනගි කියලා, ගොඩක්ම කතා කරන්නේ පුංචි ළමයි වැඩිහිටි අයත් ඇවිත් කතා කරනවා හරිම සතුටුයි ලැබෙන ආදරණීය ප්‍රත්චාර වලට”

හිරුෂි කියන්නේ නවක රංගන ශිල්පිනියක් හැබැයි ඔබේ රංගනය දිහා බැලුවම එහෙම පේන්නේ නෑ, ” ඇත්තම කියනවනම් රංගනය කියන්නේ මට ගොඩක් ආදුනික දෙයක්, මම පාසල් කාලයේවත් රංගනයට සම්බන්ද වෙලා නෑ, හතර වසරේ ඉඳන් මම හැදෑරුවේ නර්තනය, ඒ වගේම මම දක්ෂ වුනෙත් නර්ථනයට, නර්තනයේ දී හැඟීම් ප්‍රකාශනය ගොඩක් වැදගත් නර්තනයේදී මගේ ගුරුවරුන් මට ඒ දේවල් ගොඩක් හොඳින් කියලා දුන්නා, ඒ වගේම මගේ ජීවිතය ගැන පවා ඒ අය කියලා දුන්නා”

හිරූශිට තියෙන්නේ ස්භාවික ගැමි පෙනුමක් නේද ”ඔව් මට ගොඩක් අය එහෙම කියනවා, පාසලේදී කතා කළේවත් නැති අය මට මට දැන් කතා කරලා කියනවා ඔයා ඉස්කෝලේ ඇඳුමට ගොඩක් ලස්සනයි කියලා, ඒ වගේම තමයි මට හමුවෙන හැමෝම කියනවා මට තියෙන්නේ ගැමි පෙනුමක් කියලා, මමත් ආසයි මේ ගැමි පෙනුම තියාගන්න, මම කොච්චර ෆැෂන් කරන්න හැදුවත් ඒවා මට ගැලපෙන්නේ නෑ කියලා මටම හිතෙනවා”

හිරුෂි තාම මේ ක්‍ෂේත්‍රයට අලුත් නිසාද කළා ක්‍ෂේත්‍රයටම සම්බන්ද කෙනෙක් තෝරාගත්තේ ආදරවන්තයා විදියට ” සාමාන්‍යයෙන් මේ ක්‍ෂේත්‍රයේදී වැඩ කරන්න ඕන විදියක් තියෙනවා ඇත්තටම මේ ක්‍ෂේත්‍රයේ අළුත් කෙනෙක්ට රැඳෙන්න අමාරුයි, ඒ නිසා ක්‍ෂේත්‍රය දන්නා කෙනෙක් ළඟ ඉන්න එක ගොඩක් හොඳයි, අනිත් එක කලාව කියන දේ උදේ 8ට ඇවිත් 5ට ගෙදර යන්න පුළුවන් දෙයක් නවෙයි නේ, මේ රැකියාව තුල යන එන වෙලාවල් කියන්න බෑ, ඉතින් මම දෙයක් තේරුම් ගත්තා මේ ක්‍ෂේත්‍රයේ කෙනෙක් ලඟින් ඉන්න එක හොඳයි කියලා ඔහු අධ්‍යක්ෂක වරයෙක් අපි ගොඩක් ආදරෙන් ඉන්නේ ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *