කේන්දරේ තිබ්බා මම ලංකාව හොල්ලන ප්‍රසිද්ද කෙනෙක් වෙනවා කියලා – කාවින්ද්‍යා

මේ දවස්වල ලංකාවේ තරුණයන්ගේ ක්‍රෂ් එක වෙලා ඉන්න රංගන ශිල්පිනියක් තමයි කාවින්ද්‍යා දුල්ෂානි කියන්නේ, කාවින්ද්‍යා මේ දවස්වල ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනයවන ‘කෝලම් කුට්ටම’ ටෙලිනාට්‍ය, කෝලම් කුට්ටම නාලිකාවේ ප්‍රධාන චරිතයක්වන කෝලම් මාස්ටර් ගේ ආදරණීය දුව සුද්දිගේ චරිතයට පන පොවන කාවින්ද්‍යා සමගයි අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ,

කාවින්ද්‍යා කියනකො බලන්න ඔයා ගැන විස්තර ටිකක් ”මම අධ්‍යාපනය හැදෑරුවේ දොම්පේ දේවි බාලිකා විද්‍යාලයෙන් සහ ගම්පහ සිද්ධාර්ථ මහා විද්‍යාලයෙන්, මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මමයි මල්ලියි, සහ නංගිලා තුන්දෙනයි, අපේ පවුලේ කිසිම කෙනෙක් කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද නෑ, ඒ වගේම මම නිලියක් වෙන්න හීන දැකපු කෙනෙක් නෙවෙයි, මම 2015 වසරේදී ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරිය තරඟයට සම්බන්ද වුනා, ඒ තරඟයෙන් අන්තිම 12 අතරට එන්න මට පුළුවන් වුනා, ඊටපස්සේ මට තිර පරීක්ෂණ කිහිපයකට සම්බන්ද වෙන්න අවස්තාව ලැබුනා, ඊටපස්සේ තමයි මට මේඝා නාට්‍යට සම්බන්ද වෙන්න අවස්තාව හිමිවෙන්නේ,

මේ දවස්වල මොකද වෙන්නේ ”මේ දවස්වල මම රංගන දායකත්වය ලබාදෙන කෝලම්කුට්ටම, මැස්සා සහ ගගන පියවර කියන නිර්මාණ කිහිපයක්ම විකාශනය වෙනවා, මේ නාට්‍ය තුනේ තියෙන්නේ එකිනෙකට වෙනස් චරිත, හැබැයි කෝලම් කුට්ටම කියන්න මගේ හීනයක් හැබෑ කරපු ටෙලිනාට්‍යක්, සද්ධා මංගල සූරියබණ්ඩාර සහ ජයප්‍රකාශ් සිවගුරුනාදන් යන අයගේ නිර්මාණයකට රංගනයෙන් දායක වෙන්න මම ගොඩක් ආසාවෙන් හිටියේ දැන් ඒ ආසාව සම්පුර්ණයි,”

කාවින්ද්‍යා දැනගෙන හිටියද ඔයා කවදා හරි ලංකාවේ ජනප්‍රිය චරිතයක් වේවි කියලා, ”මම කීයටවත් හිතුවේ නෑ මම ලංකාවේ මෙච්චර ජනප්‍රිය චරිතයක් වේවි කියලා, හැබැයි මගේ කේන්දරේ තිබ්බා මම කවදාහරි ලංකාවේ ඉහලම තැනකට යනවා කියලා, ඒ වගේම මම ලංකාවේ ජනප්‍රිය වෙනවා කියලත් තිබ්බා, මට හිතෙනවා එකේ කියලා තිබ්බ දේවල් ඇත්ත කියලා, හැබැයි මම ඒ දේවල් ගොඩක් විශ්වාස කරන්නේ නෑ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *