පූජනී කැමතිනම් මම එයා එක්ක විවාහ වෙනවා, එයාගැන මට හැඟීමක් තියෙනවා – ගයාන්

මේ දවස්වල ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිනාට්‍යක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාෂනයවන පාරදිගේ ටෙලිනාට්‍ය, ඉතින් මේ ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරේ වැඩියෙන්ම දිනාගන්න සමත්වුණ රංගන ශිල්පියෙක් තමයි ගයාන් ගුණවර්ධන කියන්නේ, ගායකයෙක් විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන හිටපු ගයාන් පසුව රංගන ශිල්පියෙක් විදියට හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙනවා, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ,

ගායන ශිල්පියෙක් විදියට හැමෝගෙම ආදරේ දිනාගත්ත ගයාන් දැන් වැඩිය ඔබ දකින්නේ නළුවෙක් නිවේදකයෙක් විදියට, ඇයි ඒ..? ” ගායනය අමතක කරලා නෙවෙයි, මම රංගනයට සම්බන්ද වුනේ 2016 වසරේදී, මම මුලින්ම ගීතයක් කරන්නේ 2008 වර්ෂයේදී, හැබැයි මම වැඩි කාලයක් රංගනයේ සහ නිවේදනයේ තමයි නියැලුණේ, මම මේ වෙද්දී ටෙලිනාට්‍ය අටක රඟපාලා තියෙනවා, තව කිහිපයක්ම විකාශනය වෙන්න තියෙනවා,”

අලුත් ගීතයක් එළිදක්වන්න අදහසක් නැද්ද..? ”මට දැන් නම් හිතිලා තියෙනවා අලුත් ගීතයක් කලානම් හරි කියලා, මේ වෙද්දී මම අලුත් ගීත තුනක වැඩ කරගෙන යනවා, ඒ වගේම ළඟදීම මම අලුත් ගීතයක් එලිදවනවා, ඒ වගේම මම එකේ විෂුවල් එකත් කරනගමන් ඉන්නේ, බලමු ඉදිරියට ඒ දේවල්’

මේ දවස්වල ගයාන් ආදරේ විඳිනවා කියලා ආරංචියක් ආවා ඇත්තද එකතාව ” ඔව් මම ආදරේ විඳිනවා, ඒ අම්මගේ සහ තාත්තගේ ආදරේ, ඊට අමතරව මම මගේ ආදරණීය රසිකයන්ගේ ආදරේ විඳිනවා, ආදරේ වගේම මම විරහවත් උපරිමෙන්ම විඳලා තියෙනවා, ඒක ඉතින් විඳලා නැති කෙනෙක් නෑ නේ, අඩු වැඩි වශයෙන් අපි හැමෝටම ඒක දැනිලා තියෙනවා”

එතකොට පුජනී භාග්‍යා එක්ක තියෙන සම්බන්දය මොකද්ද..? විවාහ වෙන්නේ ඇය එක්කද..? ”මගේ ජීවිතේ වෙනස්කලේ පූජනී, ඇත්තම කියනවනම් මගේ ජීවිතේ සාර්ථකත්වයකරා අරගෙන ආවේ එයා, ඇත්තම කියනවනම් මගේ ජීවිතේ මම ලඟින්ම ආශ්‍රය කරන කෙනා එයා, අපේ අදහස් ගොඩක්ම ලඟින්ම ගැලපෙනවා, මට විවාහ වෙන්න හිතුනොත් එයත් කැමති වුනොත් මම පූජනී එක්ක විවාහ වෙනවා, ඇත්තම කියනවනම් මට යාළුවෙක්ට වඩා එහා ගියපු හැඟීමක් එයා ගැන තියෙනවා, මට දැනෙන විදියට එයාටත් එහෙමයි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *