රංගන ශිල්පිනියක වශෙයෙන් හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි පියුමි ශ්‍රීනායක කියන්නේ, මේ දවස්වල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනයවන ‘පාරදිගේ’ ටෙලිනාට්‍ය හරහා හැමෝම අතර කතාබහට ලක්වෙන චරිතයක් වන පියුමි ශ්‍රීනායක සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ, ඉතින් රුක්ශානා ඔයා කොහොමද කළා ක්‍ෂේත්‍රයට එන්නේ ”මම මුලින්ම මේ ක්‍ෂේත්‍රයට එන්නේ නිරූපන ශිල්පිනියක විදියට, ඊටපසේ මම මියුසික් වීඩියෝ කිහිපයකට සම්බන්ද වුනා, ඒ වීඩියෝ හරහා තමයි මම ගොඩක් ජනප්‍රිය වුනේ, ඊටපස්සේ මට රංගනයට ආරාධනා ලැබුනා, ඒ විදියට තමයි මම රංගනයට සම්බන්ද වුනේ,”
රංගනය ගැන හැදෑරීමක් කරලද පියුමි රංගනයට සම්බන්ද වුනේ ”ඇත්තටම ඔව්, මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ද වෙන්නේ හොඳ හැදෑරීමක් කරලා, ලංකාවේ ඉන්න ප්‍රවීනයන් කිහිප දෙනෙක් යටතේම මම රංගය හදාරලා තියෙනවා,ඒ වගේම මම නිතරම ෆිල්ම් බලනවා, ඒ වගේම ටෙලිනාට්‍යත් බලනවා, මොකද ඒ දේවල් නිසා මගේ රංගනය වැඩිදියුණු කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා,”
ඔයා ආස චරිත ඔයාට ලැබිලා තියෙනවද..? ‘ඔව් මේ වෙද්දී මට විවිදාකාර චරිත ගොඩක් ලැබිලා තියෙනවා, මම එදා ඉඳම්ම කලේ කාන්තාවන් එදිනෙදා ජීවිතයේ අත්විඳින දේවල් පාදක කරගත්ත චරිත, හැබැයි දැන් මම කැමතියි ටිකක් සංකීර්ණ චරිත කරන්න, අන්ධ චරිතයක්, ගොළු චරිතයක්, ප්‍රේක්ෂකයන්ට දැනෙන හැඟීමක් තියෙන චරිතයක් තමයි මම කරන්න ආස, හැබැයි මේ දවස්වල මම රඟපාන්න පාරදිගේ රුක්ශානා කියන චරිතයට ගොඩක් අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා, මට ඕන දැන් ඊටත් වඩා සංකීර්ණ චරිතයක් රඟපාන්න”
රුක්ශානා ආදරේ ගැන මොකද හිතන්නේ, දැන්ම විවාහ වෙන්න අදහසක් නැද්ද, ”බැඳීම් කියන්නේ දුකක්, අපි මොන දේවල් වලට ආදරේ කරත් අපිට ඒ දේවල් ලැබෙන්නේ හිමිකමක් තියෙනවනම් විතරයි, මම පින් දහම් කරන්න හරිම කැමති කෙනෙක්, මම ජීවිතේ හොඳට එන්ජෝයි කරනගමන් ඒ වගේ වැඩත් කරනවා, එකපාරක් මම රුවන්වැලි මහා සෑයට නෙළුම් මල් ලක්ෂයක් පූජා කළා, ඒ වගේම මම වැඩිහිටි නිවාස වලටත් දානේ දෙනවා, මම නිතරම උත්සහ කරන්නේ බැඳීම් අඩු කරගන්න, මම ආදරේ කරලා තියෙනවා ආදරෙන් මට්ටු වෙලත් තියෙනවා, ඉතින් මම මට ගැලපෙන හරිම කෙනා ලැබෙනකන් තනිකඩව ඉඳීවි, හරිම කෙනා ලැබුනම මම විවාහ වේවි හැම දෙයක්ම වෙන්නේ කර්මය අනුව ඉතින් ඒවා ගැන මට කලින් කියන්න බෑ”