රංගන ශිල්පිනියට ලැබෙන පුළුවන් ලොකුම සතුට තමයි එකිනෙකට වෙනස් චරිත ලැබෙන එක, ඉතින් ඒ වගේ එකිනෙකට වෙනස් චරිත රැසක් හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ, මේ දවස්වල වොල්ගා ටීවී දෙරණ නාලිකාවේ විකාශනයවන පාරදිගේ ටෙලිනාට්‍යයේ ටුටූ ගේ චරිතය හරහා ඔයාලට දැකගන්න පුළුවන්, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ වොල්ගා කල්පනී සමග,
වොල්ගා අපි දැකලා තියෙනවා රංගන ශිල්පිනියන් අතර පොඩි පොඩි ගැටුම් තියෙනවා, ඇත්තටම රංගන ක්‍ෂේත්‍රය ඇතුලේ ගැටුම් තියාගෙන ඉන්න පුලුවන්ද..? ”අනිත් අයගේ මම දන්නේ නෑ මගෙත් එක්ක මේ වෙනකන් කිසිම කෙනෙක් තරහා වෙලා නෑ, මම ගොඩක් ප්‍රවීනයන් එක්ක වැඩ කරනවා, අර නිළිය මේ නිළිය එක්ක වැඩ කරන්න බෑ කියලා දෙයක් මගේ ළඟ නෑ, රංගන ශිල්පිනියන් අතරේ ගැටුම් තියෙනවා කියන එක බරුවක් මොකද මම නම් එහෙම කෝන්තර මේක ඇතුලේ දැකලා නෑ”
රඟපාලා විතරක් ජීවත් වෙන්න පුලුවන්ද..? ”ඉස්සරනම් එහෙම ප්‍රශ්නයක් නෑ හැබැයි දැන්නම් දැනෙනවා එහෙම ජීවත් වෙන්න ටිකක් අමාරුයි කියලා, මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් පලවෙනි අවුරුදු පහෙන් හම්බකරපු සල්ලිවලින් තමයි මම වාහනයක් ගත්තේ, හැබැයි දැන් අපෙ ගණන් කිවුවම ඊටවඩා දෙගුණයකටත් අඩුවෙන් රඟපාන අය ඉන්නවා, ඉතින් අපේ ගණන් කිවුවම අපිට වැඩ ලැබෙන්නේ නෑ, ශලනි තාරකා සහ තිසුරි තත්වය රැකගෙන මේ ක්‍ෂේත්‍රයේ ඉන්නවා, අලුතෙන් එන යට මම කියන්නේ අපේ වටිනාකම නැතිකරගන්න එපා”
වොල්ගා ඔයා කලින් විවාහයෙන් ඉවත්වෙලා ඉන්නේ ඉතින් ඔයා ආදරේ ගැන මොකද හිතන්නේ, ”ආදරය කියන දේ අපි හැමෝටම ලැබෙන්න ඕන, මටත් එක අඩු වැඩි වශයෙන් ලැබෙනවා, මේ වෙද්දී මම මගේ ආදරේ තියලා තියෙන්නේ ගොඩක් පිරිසිදු තැනක, ඒ වගේම ඒක මගෙන් කාටවත් උදුරගන්න බෑ ඒ වගේම මම මගේ ආදරේ සල්ලිවලට විකුණන ජාතියේ ගැහැනියක් නෙවෙයි.