මගේ වැඩ නිසා ක්‍රිෂාන් දැන් හොඳටම ස්ප්‍රයිස් වෙලා ඉන්නේ – ශේෂාද්‍රි

අක්කගෙයි නංගිගෙයි ආදරේ අදටත් අඩුවක් නැතුව විඳින සුන්දර රංගන ශිල්පිනියක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ. හැමෝම හදුනන ආදරේ චරිතයක් තමයි ඇය. ඇයගේ රංගන හැකියාවට බොහෝ දෙනාගේ පැසසුම් ලැබුණා. ආදර ඉතින් අපි හැමෝම ආදරේ කරන ශේෂාද්‍රි සමගයි අද අපේ කතාබහ, ඉතින් ශේෂාද්‍රි ඔයා දැන් විවාහ වෙලා ආදරණීය මවක් වෙලත් ඉවරයි, ඉතින් අපිට කියන්නකෝ ඇත්තට කොහොමද ක්‍රිෂාන් ඔයාට විවාහ වෙන්න ආරාධනා කලේ කියලා, ”මම පාටිවලට ගොඩක් ආස කෙනෙක් නෙවෙයි මම කැමති හැම දෙයක්ම චාම් විදියට කරන්න, හැබැයි මගේ 2020 වසරේ තිබ්බ උපන්දිනයට මගේ අක්කයි නංගියි අපේ පවුලේ හිතවත්ම අයට කියලා පාටි එකක් ඔගනයිස් කරලා තිබ්බා,

හැබැයි මම ක්‍රිශානුයි එදා එලියට ගිහින් හිටියේ, අපි නැති අතරේ අක්කයි නංගියි සාරංග අයියයි මේ පාටි එක රෙඩි කරලා තිබ්බා, මම ක්‍රිෂාන් එක්ක ලන්ච් එක ගද්දී එයාට කෝල් එකක් ආවා, මට ඒක ගානක් නෑ, හැබැයි පස්සේ ගෙදර ඇවිත් බලද්දී මගේ යාළුවො ඔක්කොම අපේ ගෙදර ඇවිත් මම ගෙදර දොර අරිද්දී ඔක්කොම අය ගෙදර, කොහොම හරි පාටි එක ඉවර වුනාට පස්සේ ක්‍රිෂාන් මගේ ලඟට ඇවිත් අපි බඳිමුද ඇහුවා, ඒ වෙලාවේ තමයි මම හොඳටම සප්‍රයි වුනේ”

ඒ කියන්නේ ක්‍රිශාන්ට හොඳට සප්‍රයිස් කරන්න පුළුවන් නේද..? ”එයාට හරියට කරන්න තේරෙන්නේ නෑ, ඇත්තම කියනවනම් එයා සප්‍රයි කරන්න දන්නේ නෑ, එයා ස්ප්‍රයිස් එකක් දෙන්න හැදුවොත් එයාට ඉක්මනට ඒක කියවෙනවා, මම ගොඩක් ආසයි ෆිල්ම් බලන්න, පහුගිය කාලයේ අපිට චුටි දුව නිසා එලියට ගිහින් ෆිල්ම් බලන්න චාන්ස් එකක් ලැබුනේ නෑ, හැබැයි ඊට කලිනම් මාව අලුතෙන් එන හැම ෆිල්ම් එකක්ම බලන්න ක්‍රිෂාන් එක්කගෙන යනවා, ඉතින් දවසක් එයා මාව ෆිල්ම් එකක් බලන්න එක්කන් ගියා මට කියන්නේ නැතුව තමයි මාව එක්කගෙන ගියේ හැබැයි මම ඒක කලින් දැනගත්තා, මම තමයි ක්රිශාන්ව හොඳට සප්‍රයිස් කරන්නේ,”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *