රංගන ශිල්පිනියක විදියට කළා ලෝකයේ හැමෝම අතර ජනප්‍රිය නමුත් නිතර නිතර පේන්න නැති සුන්දර රංගන ශිල්පිනියක් තමයි උදාරි පෙරේරා කියන්නේ, ගුණාත්මක නිර්මාණවලට පමණක් රංගන දායකත්වය ලබාදෙන රංගන ශිල්පිනියක් විදියට උදාරි පෙරේරා ගොඩක් ජනප්‍රියයි, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න උදාරි පෙරේරා එක්ක, ඉතින් කොහොමද උදාරි, මොකද වෙන්නේ සිනමාජීවිතයේ ” මම මගේ සිනමා ජීවිතය පටන් ගත්තේ ප්‍රවේගය ෆිල්ම් එකෙන්, ඒක තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය, ඊටපස්සේ මම යශෝධරා, නෙලා, සේයා, මිස් ජෙනිස්, වගේ ෆිල්ම් ගොඩකට සම්බන්ද වුනා, මගේ පස්වෙනි ෆිල්ම් එක යාත්‍රා, ඒ වගේම තව ෆිල්ම් කිහිපයක් තිරගතවෙන්න තියෙනවා”
රංගන ශිල්පිනියකට ප්‍රේක්ෂක ප්‍රතිචාර කොච්චර බලපානවද ”ප්‍රේක්ෂක ප්‍රතිචාර තමයි වැඩියෙන්ම බලපාන්නේ, මගේ ෆිල්ම් බලපු ගොඩක් අය කිව්වා මම ගොඩක් ලස්සනට රඟපාලා තියෙනවා කියලා, ඒ වගේම යාළුවො ගොඩක් කතා කරලා අඩුපාඩු පෙන්නලා දුන්නා, ඒ සමහර අඩුපාඩු මට හදාගන්න පුළුවන් සමහර ඒවානම් මට පාලනය කරගන්න බැරි ඒවා, රංගනයේදී ප්‍රසංසා වගේම විවේචනත් ලැබෙන්න ඕන නැත්නම් අපිට අපේ රංගනය සාර්ථක කරගන්න බෑ”
උදාරි බාරගන්නේ ප්‍රධාන චරිත විතරයි කියලා කතාවක් තියෙනවා ඇත්තද ඒක ”මෙහෙමනේ හැම තැනකම යන රටාවක් තියෙනවා, අපිව සමාජයට ඉදිරිපත් කරන විදියට තමයි ඕනෑම ක්‍ෂේත්‍රයක තමන්ගේ තැන රැකෙන්නේ, ප්‍රධාන චරිත විතරක් නෙවෙයි, සුළු චරිතයකින් වුනත් රංගන ශිල්පිනියක විදියට ගුණාත්මක දෙයක් කරන්න පුළුවන් නම් මම ඒ චරිතය බාරගන්නවා, අඩුම තරම මම ගුණාත්මක චරිතයක් නම් මුදල ගැන බලන්නෙත් නෑ,”
ආදරණීය සැමියා ගැනත් කියන්නකෝ විස්තර ටිකක්, ”මගේ සැමියා කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද කෙනෙක් නෙවෙයි, එයා ගොඩක් ආදරණීය චරිතයක්, හැබැයි එයා කැමති නෑ මම මාධ්‍යයට වගේම තැන තැන එයා ගැන වැඩිය කතා කරනවට, එයා අකමැතිම වැඩක් තමයි මගේ හස්බන්ද එයා කියලා මම සමාජයට කියනවට, ඒ නිසා මම එයාගේ නම සහ එයාගේ විස්තර සඳහන් කරන්නේ නැතුව ඉන්නම්, මොකද ඒක එයාගේ කැමැත්ත අපි ඉතින් එයාගේ කැමැත්ත අපි ඉඩදෙන්න ඕන නේ”
උදාරි සතුටෙන් ඉන්න මොනවද කරන්නේ ”මම ගොඩක්ම ආසයි පොත් කියනවන්න, ඒ වගේම මම භාවනා කරනවා, හැබැයි වැඩියෙන්ම කැමති මම ගොඩක්ම ආස යාළුවො එක්ක කාලය ගතකරන්න, මගේ ජීවිතේ ප්‍රශ්න ගොඩක් තිබ්බ කාලයක් තිබ්බා, හැබැයි දැන් එහෙම නෑ, පොත් කියවන එකෙන් භාවනා කරන එකෙන් මනස නිදහස් වෙනවා, මම අම්මා කෙනෙක් බිරිඳක් නිලියක්, සතුටෙන් ඉන්න මීටවඩා තව මොනවද ඕන”