ගීත්මා බණ්ඩාර කියන්නේ මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක්, ගීත්මා කළා ලෝකය තුල වැඩිපුරම ජනප්‍රිය වුනේ සංගීතේ ටෙලිනාට්‍ය හරහායි, ඉතින් මේ දවස්වල කාගේත් ආදරේ දිනාගෙන ඉන්න ගීත්මා එක්ක අපි ටිකක් කතා කරන්න හිතුවා, ඉතින් ගීත්මා මොකද වෙන්නේ මේ දවස්වල ‘මේ දවස්වල ඉතින් සංගීතේ ෂූටින් තමයි, ඒ වගේම පහුගිය කාලයේ පොඩි පොඩි වැඩ ටිකක් කළා, තව නිර්මාණ කිහිපයක් බාර අරගෙන තියෙනවා, ඒ වැඩත් කරගෙන ඉන්නවා”
ඒ කියන්නේ දැන් ගීත්මා ගොඩක් කාර්යබහුල කෙනෙක් වෙලා..? ”එහෙම කිවුවත් වැරද්දක් නෑ, මොකද මම මේ ක්‍ෂේත්‍රයට එනවත් එක්කම මට නිර්මාණ ගොඩකට ආරාධනා ලැබුනා, හැබැයි මම තෝරාගත්තේ මට හොඳයි කියලා හිතෙන නිර්මාණ විතරයි, හැබැයි මම තිරයේදී චරිත වර්ග කරන්නේ නෑ, පෙම්වතිය වගේම දුෂ්ට චරිත වුනත් මම ආසාවෙන් බාරගන්නවා, හැබැයි ඒ නිර්මාණවල තේරුමක් තියෙන්න ඕන තේරුමක් නැති නිකන් චරිතනම් මම බාරගන්නේ නෑ”
රංගන කටයුතතුවලට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද, ”මම පොඩි කාලේ ඉඳලම රංගනයට ආරාධනා ලැබුනා හැබැයි අපේ ගෙදර අය ඒකට කැමති වුනේ නෑ, ඒ අය කිවුවේ ඔයාට තේරෙන කාලෙක ඕවට යන්න කියලා, මම හිරු නාලිකාවේ අවුරුදු කුමරිය වෙනවට අම්මා කැමති වුනේ නෑ පස්සේ ඒකට කැමති වුනා, ඊටපස්සේ මම රංගනයට සම්බන්ද වෙනවට අකමැති වුනා, මම මේ ක්‍ෂේත්‍රය නරක තැනක් නෙවෙයි කියලා එයාලා පෙන්නලා දීලා තමයි රංගන ශිල්පිනියක් වුනේ,”
දැන් ගීත්මා කියන්නේ ආදරවන්තියක් කියලා හැමෝම දන්නවා, ඉතින් කියන්නකෝ බලන්න ඔයාගේ ආදරේ ගැන ”අනේ මම නම් අහිත් අය වගේ මගේ ආදරේ ගැන පම්පෝරි ගහන්නේ නෑ, මොකද ආදරේ අද තියෙනවා හෙට නෑ එහෙමනේ අද කාලේ ආදර කතා, හැබැයි මම විශ්වාස කරනවා මම තෝරාගෙන තියෙන්නේ හරිම කෙනා කියලා, එයා ව්‍යාපාරිකයෙක්, පවුලේ ව්‍යාපාරයක් වගේම, නුවරඑලියේත් එයාට ව්‍යාපාර කිහිපයක්ම තියෙනවා, එයාගේ රූපයවත් සල්ලිවත් බලලා නෙවෙයි එයා එක්ක යාලු වුනේ, එයා හරිම අවංක ආදරණීය කෙනෙක්, ඒ වගේම එයාට ගොඩක් අවංක හදවතක් තියෙනවා, අපි දෙන්නා ළඟදීම විවාහ වෙන්න ඉන්නේ,”