උද්දික ප්‍රේමරත්න කියන්නේ රංගන ලෝකයේ ඉන්න දැවැන්ත චරිතයක්, ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් විදියටත් උද්දික ප්‍රේමරත්න ලාංකේය ජනතාවගේ ආදරේ දිනාගන්න සමත්වුනා, මේ දවස්වල අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යක් වන ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ රෙහාන් අලුවිහාරේ චරිතය හරහා ඔබ හමුවට එන උද්දික ප්‍රේමරත්න සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ,
රෙහාන් සහ සරණි කියන්නේ ලංකාවේ ටෙලිනාට්‍ය කලාව වෙනස් කරපු යුවලක් නේද..? ”ඔව් රෙහාන්ට සහ සරණි ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා, පාරේදී කවුරු හම්බුනත් රෙහාන්ටයි සරනිටයි සුබපතන්න අමතක කරන්නේ නෑ, ඒ වගේම එහෙම හම්බවෙන සමහර අය කියනවා සරනිව ආදරෙන් බලාගන්න කියලා, ඇත්තටම ගොඩක් සතුටුයි සරනිටයි රෙහාන්ටයි ලැබෙන ප්‍රත්චාර දැක්කම”
රෙහාන්ගේ උඩු රැවුල ඇත්ත එකක්ද බොරු එකක්ද..? ”මේක මගේ ඇත්ත රැවුල, පාරදිගේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ මේ චරිතය ගැන කතා කලාම කිවුවා බොරු රැවුලක් දානවට වඩා ඇත්තම රැවුල තියෙනවනම් හොඳයි කියලා, ඉතින් දැන් මම අවුරුදු එක හමාරක් තිස්සේ මේ රැවුල වවනවා රෙහාන්ගේ චරිතය නිසා, ඒ වගේම මම මේ විදියට මහත් වෙලා ඉන්නෙත් ඒ චරිතයට අවශ්‍ය නිසා, මේ චරිතය ඉවර උනාම තමා රැවුල කපලා කෙට්ටු වෙන්න පුළුවන් වෙන්නේ, ඉස්සර සරණි මගේ රැවුලෙන් ඇදලත් බලලා තියෙනවා මේ ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා, රංගන ශිල්පියෙක් වුනාම කැපකිරීම් කරන්න වෙනවා රඟපාන චරිත වෙනුවෙන්”
මොනවද මේ දවස්වල අලුත් වැඩ කටයුතු ”මේ දවස්වල ඉතින් මම බාරගෙන කරන්නේ පාර දිගේ ටෙලිනාට්‍ය විතරයි, මොකද දේශපාලන වැඩ එක්ක තවත් නිර්මානයටක කාලය වැය කරන්න බෑ, මොකද මට තියෙන වගකීම් සමුහය මම උපරිමෙන්ම කරන්න ඕන, නැත්නම් මමත් අනිත් දෙස්පාලයන් ගොඩටම වැටෙනවා, ඒ තැනට වැටෙන්න මට ඕන නෑ, ඉතින් පාරදිගේ නාට්‍ය ඉවර වුනාට පස්සේ තමයි ආයේ නිර්මාණයක් බාරගන්නේ,”