තරුෂි පෙරේරා කියන්නේ රංගන කේෂේත්‍රයේ ඉන්න අහිංසකම රංගන ශිල්පිනියක්, මේ දවස්වල විකාශනය වෙන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ සහ නීල පබළු ටෙලිනාට්‍යයේ ඇය රංගනයේ නියැලෙනවා, වැඩිය කතාබහක් නැති සුන්දර රංගන ශිල්පිනියක වන තරුෂි පෙරේරා සමගයි අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ. කොහොමද තරුෂි මොනවද අලුත් තොරතුරු ”මේ දවස්වල ඉතින් වැඩිම අවදානයක් දීලා තියෙන්නේ දෙවෙනි ඉනිමට සහ නීල පබළු නාට්‍යට, තාම අලුත් වැඩක් බාරගත්තේ නෑ, ටික දවසකින් අලුත් නිර්මාණයක් බාරගන්න කැමැත්තෙන් ඉන්නවා”
විවාහයෙන් පස්සේ තරුශිට ලැබෙන්නේ ලොකු ළමයි ඉන්නන අම්මගේ චරිත නේද..? ”මේකනේ මම පුතා ලැබෙන්න ඉන්නකොට ටිකක් මහත් වුනා, හැබැයි මම පුතාගේ පෝෂණය ගැන හිතලා ඩයට් කලේ නෑ, ඒ වගේම පුතාට කිරි දෙන කාලෙත් එහෙමයි, මම මගේ සිරුර ගැන හිතන්නේ නැතුව හොඳට කෑවා, මොකට මට වැදගත් වුනේ මගේ පුතාගේ පෝෂණය, ඒ ජීවිතේ වෙනස් කරගන්න මට ඕන වුනේ නෑ, ඊටපස්සේ තමයි මට ඒ නාට්‍යවල චරිත දෙක ලැබුනේ, ඉතින් මම කැමැත්තෙන් බාරගත්තා, දැන් ඉතින් දිගටම ලැබෙන්නේ ඒ චරිතම තමා,”
සැමියා කැමතිද තරුෂි රඟපානවට ”මගේ සැමියා වැඩ කරන්නේ ඩුබායි බැංකුවක, මම විවාහය මගහැර මගහැර ඉද්දී තමයි මට සුමේධ විවාහ යෝජනාවක් කරන්නේ, මම ඒ දවස්වල හරියට වැරදි හොයපු කෙනෙක් මොකද මම විවාහ වෙලා ආයේ දික්කසාද වෙන්න බැරි නිසා මම හොඳම කෙනා හෙව්වා, පස්සේ සුමේදට මගේ හිත ගියා, යාලු වෙලා මාස හයෙන් අපි දෙන්නා බැන්දා, ඇත්තටම සැමියා කැමති නෑ මම රඟපානවට, බඳින්න කලින් කමක් නෑ බැන්දම එපා කිවුවා, හැබැයි බැන්දට පස්සේ හොඳ චරිත ලැබුන නිසා මට ලොබ හිතුනා ඉතින් එයා බලෙන්ම කැමති කරගෙන මම රඟපාන්න ආවේ”
සැමියා ඉන්නේ විදේශගත වෙලා, ඔයා ජනප්‍රිය නිලියක් ඉතින් ආදර යෝජනා එහෙම එන්නේ නැද්ද ”මම සාමාන්‍යෙන් ගොඩක් අය යාළුවො විදියට ආශ්‍රය කරනවා, හැබැයි යෝජනා එන්නේ නැහැ කිවුවොත් ඒක බොරුවක්, ආදර යෝජනා එනවා, මගෙන් එහෙම ඇහුවොත් මම ඒ කෙනා එක්ක තියෙන ආශ්‍රය එතැනින්ම ඉවර කරලා දානවා, මට තව කෙනෙක්ගේ හැඟීම් නතර කරන්න බෑ, ඉතින් මම කරන්නේ ඒ තැන්වලින් මම අයින් වෙන එක, සැමියා රට කියලා දැනගත්තම ගොඩක් අයගෙන් ආදර යෝජනා එනවා, හැබැයි මම බැඳපු කෙනෙක් මට සැමියෙක් ළමයෙක් ඉන්නවා ඒ අය තමයි මගේ මුළු ලෝකෙම සැමියත් දන්නවා මම ගැන ඒ නිසා මට කිසි ප්‍රශ්නයක් නෑ, බොරු කියන්න ඕන නෑ එයා මුලදී මාව සැක කළා, එයාට බයයි මම එයාට නැතිවෙයි කියලා, හැබැයි දැන් එයා මාව දශමයක්වත් සැක කරන්නේ නෑ”