හස්බන්ඩ් කවදාවත් මට කියලා නෑ එයත් එක්ක ඉන්න එන්න කියලා – උදාරි වර්ණකුලසූරිය

සිනමාවට වගේම පුංචි තිරයටත් රංගන හැකියාව තුලින් විශාල සේවයක් ඉටුකරපු තරුණ සිත් වශීකරගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියන්නේ, ඒ වගේම සම්මානනීය රංගන ශිල්පිනියක විදියටත් ඇය හඳුවන්න පුළුවන්, ධක්ෂතාවය වගේම සුන්දරත්වය නිසා හැමෝගෙම හදවත දිනාගෙන ඉන්න උදාරි සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ, උදාරි විශාල කාලයක් ලංකාවේ හිටියේ නෑ එකපාරම ඇයි උදාරි ආයේ ලංකාවට ආවේ ”මම මාස දහයක් විතර ලංකාවේ නෙවෙයි හිටියේ, ඒ කාලේ මම හිටියේ මගේ සැමියා සහ දුව එක්ක සිංගප්පුරුවේ, මේ සැරේ මම ලංකාවට ආවේ මගේ පුද්ගලික කාරණාවකට”

ලංකාවේ කළා ශිල්පිනියන්ගේ පවුල් ජීවිත සාර්ථක නෑ කියලා ගොඩක් අය කියනවා, ඒ වගේම කළා ශිල්පිනියන් සහ කළා ශිල්පියන් ගොඩක් අය දික්කසාද වෙලා ඉන්නේ, හැබැයි උදාරි එහෙම නෑ, මොකද්ද මේ රහස ”මෙහෙමයි කිසිම වෙලාවක පවුල් ජීවිතය සහ වෘර්තිමය ජීවිතය එකක් කරගන්න හොඳ නෑ, ඒ දෙක වෙන වෙනම කරගෙන යන්න ඕන, අනිත් කාරනාව තමයි ආසාවන්වලට වහල්වෙලා තීරණ ගන්න හොඳ නෑ, මොහොතකට එන හැඟීම් පාලනය කරගන්න බැරි උනාම තමා පවුල් ජීවිත වෙනස් වෙන්නේ, බහුතරයක් ඉන්නේ හැඟීම් පාලනය කරගන්න බැරුව ජීවිතේ පටල ගත්ත අය, නිලියක් වෙන්න බලාගෙන ඉන්න අයට මම කියන්නේ මේ වෘත්තීය නරක තැනක් නෙවෙයි තමන් ක්‍රියාකරන විදිය අනුව තමයි හැමදේම වෙන්නේ, ඒ නිසා මොන වෘත්තියක හිටියත් හැඟීම්වලට වහල් වෙලා වැඩ කරන්න එපා”

දිගටම සැමියා එක්ක සිංගප්පූරුවේ ඉන්න කියලා සැමියා කියන්නේ නැද්ද..? මෙහෙමයි මමයි සැමියයි හොඳ අවබෝදයක් තියාගෙන ඉන්න කපල් එකක්, එයා කවදාවත් මට රඟපාන්න එපා කියලා නෑ, එයාගේ පැත්තෙන් තිබ්බ සපෝර්ට් එක තිබ්බේ නැත්තම් අද මම මේ වගේ තැනක නෑ, මගේ හස්බන්ඩ් නිසා තමයි මම අවුරුදු 15ක් මට සාර්ථකව රංගන ශිල්පිනියක් විදියට හිටියේ, එයා කවදාවත් කියලා නෑ එයත් එක්ක ඉන්න එන්න කියලා, එයා මට මාරම නිදහසක් දීලා තියෙන්නේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *