සංගීත් මගෙන් දුරස් වුනේ මගේ වාසනාවට – සංජානා ගමආරච්චි

මේ දවස්වල ගොඩක් තරුණයන්ගේ ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න රංගන ශිල්පිනියක් වගේම වැඩසටහන් ඉදිරිපත්කරන්නියක් සහ නිරූපිකාවක් තමයි සංජානා ගමආරච්චි කියන්නේ, ඉතින් අපි හිතුවා තරුණ ආකර්ෂණය වැඩියෙන් ලැබිලා තියෙන සංජානා එක්ක ටිකක් කතා කරන්න, ඉතින් සංජානා මොකද වෙන්නේ මේ දවස්වල ‘මේ දවස්වල වැඩසටහන් කිහිපයක් ඉදිරිපත් කරනවා, ඒ වගේම හිරු නාලිකාවේ ටෙලිනාට්‍යක් එක්ක සමබන්ද වෙලා ඉන්නවා, ඒ වගේම ඉදිරියේ එන්න තියෙන නිර්මාණ කිහිපයකටම මේ වෙද්දී රංගන දායකත්වය ලබා දෙනවා, ඕවා තමයි අලුත් වැඩ”

සංජනාගේ වෘත්තීය රංගන ද..? ”දැනට ඒ ප්‍රශ්නෙට දෙන්න තියෙන පිළිතුර ඔව්, මම මේ වෙද්දී රංගනය නිරූපනය, හඬකැවීම නිවේදනය කියන හැම අංශයකම සේවය කරනවා, මේ වෙද්දී මගේ අධ්‍යාපන කටයුතුනම් නතර වෙලා තියෙන්නේ, මගේ ඊළඟ බලාපොරොත්තුව තමයි ඉදිරියේදී මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන එක, ඉතින් ඒ වෙනුවෙන් තමයි මම ගොඩක්ම වෙහෙසෙන්නේ බලමු ඉතින් ඉස්සරහට නේ”

සංජානා විවාහ වෙන්න හොයන්නේ මොනවගේ ගතිපැවතුම් තියෙන කොයිවගේ පෙනුමක් තියෙන කෙනෙක්ද..? ‘මුලින්ම කියන්න ඕන මම මේ ක්‍ෂේත්‍රයේ කෙනෙක් නම් කවදාව කසාද බඳින්නේ නෑ, ඒ වගේම තමයි මම ළඟදී විවාහ වෙන්නෙත් නෑ, මට තව ලොකු ගමනක් යන්න තියෙනවා, ඒ වගේම මම දැන් ආදරවන්තියක් නෙවෙයි, මම හොයන්නේ නම් වැදගත් ටිකක් කඩවසම් යමක් කමක් තියෙන, දියුණු වෙන්න ලොකු උනන්දුවක් තියෙන කෙනෙක්, රැවුල පොඩ්ඩක් තියෙන්නත් ඕන හැබැයි”

විවාහ වුනාට පස්සෙත් දිගටම රංගනයේ නියැලෙන්නද හිතාගෙන ඉන්නේ, ”මෙහෙමයි ඒක දැම්ම කියන්න බෑ කොහොම වුනත් විවාහ වුනාට පස්සේ මම මගේ ජීවිතේ අංක එක දෙන්නේ මගේ පවුලට, බහුතරයක් රංගන ශිල්පිනියන් වගේ මට මගදී ඩිවෝස් වෙන්න ඕන නෑ, මම රංගන ක්ෂේත්‍රයේ ඉන්නවට කැමති කෙනෙක් ලැබුනොත් මම රංග පානවා නැත්තන් මම රංගනය ආයුබෝවන් කියනවා, ඒවා ගැන හිතන්න දැම්ම කල් වැඩියි, ඉස්සෙල්ලා කොල්ලෙක් හොයන් ඉන්න එපයි”

පසුගිය කාලයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සංගීත් සතරසිංග සංජානා ඔයා ගොඩක් ලඟින් ආශ්‍රය කළා නේද..? ඔයාලා දෙන්නා පෙම්වතුන් වෙලා ඉඳලා වෙන් වුනාද.? ‘අපි අතරේ යාලුකමකට එහා ගියපු සම්බන්දයක් තිබ්බා හැබැයි ඒක ආදරයක් නෙවෙයි, කොහොම වුනත් මම දැන් සංගීත් එක්ක ලොකු සම්බන්දයක් නෑ, යාළුවො විතරයි, එහෙම තමයි කාලෙන් කාලෙට කට්ටිය ලංවෙනවා ආයේ දුරස් වෙනවා ඉතින් ඒ වගේ අය මගේ ජීවිතෙන් දුරස්වුන එක මම දකින්නේ මගේ වාසනාව විදියට,”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *