ටීවී දෙරණ නාලිකාව කියන්නේ කාලෙන් කාලෙට කළා ලෝකයට අලුත් චරිත රැසක් හදුන්වා දුන්න රූපවාහිනී නාලිකාවක්, ඉතින් දෙරන් නාලිකාව මීට වසර කිහිපයකකට කලින් කළා ලෝකයට දායාද කරපු සුන්දර රංගන ශිල්පිනියක් තමයි මනීෂා චන්චලා කියන්නේ, කාලෙන් කාලෙට විවිද නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන මනීෂා මේ වනවිට ලංකාවේම ආදරේ දිනාගෙන ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඉතින් අපි හිතුවා ඔයාලා ගොඩක් ආදරේ කරන මනීෂා එක්ක ටිකක් කතා කරන්න,
මනීෂා මොකද කරන්නේ මේ දවස්වල ”මේ දවස්වල මම ගොඩක් නිදහසේ සතුටින් ඉන්නවා, ඒ වගේම මේ දවස්වල සංගීත විශාරද විභාගයේ අවසාන විභාගයට සූදානම් වෙනවා, දවසේ වැඩිම වෙලාවක් දැන් යොදවලා තියෙන්නේ ඒ වෙනුවෙන්, ඊට අමතරව මම ස්වර්ණවාහිනී නාලිකාවේ හදරැඳි පැය ප්‍රෝග්‍රෑම් එක කරනවා, ඕවා තමයි මේ දවස්වල වෙන්නේ”
මනීෂා ඇත්තටම කොහොමද කලාවට සම්බන්ද වෙන්නේ..? මම පොඩි කාලේ ඉඳලම කලාවට සම්බන්ද වෙලා හිටියා, ඒ කඳුරට ගුවන්විදුලි නාලිකාවේ නිවේදිකාවක් විදියට, ඒ කාලෙම ලැබුන අත්දැකීම් මට ලොකු පන්නරයක් වුනා මේ දක්වා ගමනක් එන්න, ඊට කාලෙට පස්සේ මම දෙරණ නාලිකාවේ ලිටිල් ස්ටාර් තරඟයට මම සම්බන්ද වෙනවා, හැබැයි මම වැඩිපුරම ජනප්‍රිය වුනේ රංගනයට සම්බන්ද වුනාට පස්සේ, ඒ විදියට තමයි මම කලාවට සම්බන්ද වෙලා රංගන ශිල්පිනියක් වෙන්නේ’
මනීෂා දැන් ඔයා ඔයාගේ ආදරෙන් ඈත් වෙලා නේද..? ”ආදරේ කියන්නේ මෙහෙම වචනයකින් දෙකකින් කතා කරන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි, ඒ මාතෘකාව ගැන ගොඩක් පුළුල්ව කතා කරන්න ඕන. මම ආදරේ කරලා තියෙනවා, ඒත් මම දැන් හිතන්නේ ආදරේ කියන දේ තුල තියෙන්න ඕන මානසික නිදහස, ඉතින් එහෙම නිදහස නැත්නම් මම එතනින් ඉවත් වෙනවා”
මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න මනීෂා විවාහ වෙන්න හිටියේ ලංකාවේ මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ඉන්න දැවැන්ත චරිතයක් වන කළිඳු කරුණාරත්න සමග, කොහොම වුනත් මනීශාගේ සහ කලිඳුගේ ආදර කතාව මේ වනවිට අවසන් වෙලා කියලා අපිට දැනගන්න ලැබුනා, පසුගිය දවසක කලිඳුගේ උපන්දිය තිබුනා කළා ක්‍ෂේත්‍රයේඅය ඇතුළු බොහෝ දෙනා කලිඳුට සුබ පතලා තිබ්බත් මනීෂා කලිඳුට සුබපතලා තියෙනවා අපි දැක්කේ නෑ, ඒ වගේම මනීෂා මේ වනවිට කළිඳු සමග සමාජ ජාලාවල පල කරලා තිබ්බ සියලුම පින්තූර ඇයගේ ගිණුමෙන් ඉවත් කරලා, කොහොම වුනත් අපිට දැනගන්න ලැබුනේ මනීෂා ආයෙමත් ආදර කතාවක් ආරම්භ කරලා කියලා, ඒ ලංකාවේ බෘස්ලි විදියට හඳුන්වන අශේන් එක්ක කියලයි අපිට දැනගන්න ලැබුනේ, මේ දෙන්නට ආදරේ කරන ප්‍රේක්ෂකයන් කියන්නෙත් මනීෂා සහ අශේන් කියන්නේ ගැලපෙනම කපල් එකක් කියලයි, කොහොම වුනත් මේ දෙන්නා ආදරවන්තයින් කියලා මනීෂා වගේම අශේන් තවම මාධ්‍යට ප්‍රකාශ කරලා නෑ”