කාලයක් ලංකාවේ අංක එකට ජනප්‍රිය වෙලා හිටපු සුන්දර රංගන ශිල්පිනියක් තමයි සුලේඛා ජයවර්ධන කියන්නේ, ‘රෑන’ ටෙලිනාට්‍ය හරහා බොහෝ සෙයින් ජනප්‍රිය වුන සුලේඛා ජයවර්ධන පසුව කළා නිර්මාණ කිහිපයක් හරහාම අපිට දැකගන්න ලැබුනා, කොහොම වුනත් මේ වෙනවිට සුලේඛා රංගන ශිල්පිනියක් විදියට කළා නිර්මාණතුල දකින්න ලැබෙන්නේ නෑ, ඉතින් කාලයක් තිස්සේ කළා නිර්මාණ හරහා පේන්න නැති සුලේඛා සමගයි අද අපේ කතාබහ,
ඉතින් සුලේඛා කොහොමද ජීවිතේ, මොකද වෙන්නේ මේ දවස්වල, ”මේ දවස්වල ඉතින් මගේ ආදරණීය පවුල එක්ක තමයි ජීවත් වෙන්නේ, මම දැන් අම්මා කෙනෙක් නේ ඉතින් ළමයි එක්ක ඉන්නකොට කාලය යනවා දැනෙන්නේ නෑ, මම කොහොමත් පොඩි ළමයිට හරිම ආසයි ආදරෙයි ඉතින් දැන් මටම කියලා පොඩ්ඩෝ ඉන්න නිසා මට දැනෙන්නේ මම මේ ලෝකෙම මගේ කරගෙන වගෙයි, ඇත්තටම හරිම ආදරනීයි දැන් ගෙවෙන ජීවිතේ”
සුලේඛා විවාහයත් එක්ක රංගනයෙන් සමුගන්නේ සැමියා කැමති නැද්ද ඔයා රංගපානවට, ”අනේ නෑ ඒයා කවදාවත් මට නීති දාලා නෑ, මම විවාහ වෙලත් කළා කටයුතුවලට සම්බන්ද වුනා, හැබැයි මගේ සැමියාගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්දවෙලා එයාට හෙල්ප් කරපු නිසා මට කලාවට වෙන්කරන්න කාලයක් නෑ, ඉතින් මම දන්නෙම නැතුව කලාවෙන් දුරස්වෙලා, දැන්නම් පවුලේ වැඩත් එක්ක කළා කටයුතුවලට වෙන් කරන්න කාලයක් නැතිම තරම් ඒ නිසා ගෙදරට වෙලා ඉන්නවා”
සුලේඛා සහ අශෝක විවාහ වෙලා දැන් වසර කිහිපයක් වෙනවා, ඉතින් සුලේඛා ඔයාට කොහොමද දැනෙන්නේ ඒක ”මටනම් අපි අද විවාහ වුනා වගේ දැනෙන්නේ මොකද අශෝක කියන්නේ හරිම ආදරණීය චරිතයක්, අපි දෙන්නා විවාහ වුනේ ආදර සම්බන්දයකින්, ඇත්තටම අශෝක ළඟ ගොඩක් හොඳ ගතිගුණ තියෙනවා, මම මිනිහට යටත් වෙලා ඉන්න කැමති කෙල්ලෙක් නෙවෙයි, හැබැයි අශෝක මට මේ වෙනකන් කිසිම නීතියක් දාලා නෑ, සමහර පිරිමි විවාහ වුනාට පස්සේ අරක කරන්න එපා මේක කරන්න එපා කියලා බිරිඳට පුදුමාකාර විදියට නීති ගොඩක් දාලා හිර කරනවා ඒ අතින් බලද්දී අශෝක කියන්නේ රන් කඳක්,”