සුන්දර රුවකට හිමිකම් කියන මීට වසර විස්සකට කලින් කළා ලෝකයට පිවිසුන, දුටුවන් නෙත් සිත් වශී කරවන චාරිතයක් තමයි නතාෂා පෙරේරා කියන්නේ, නීතිඥවරියක්, රංගන ශිල්පිණියක්, ගායිකාවක්, නිවේදිකාවක් විදියටත් ඇය හඳුන්වන්න පුළුවන්, වසර ගණනාවක්ම තරුණ මහලු හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර නතාෂා සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ, නතාෂා තව කොච්චර කල් ලංකාවට එන්නේ නැතුව ඔස්ට්‍රේලියාවට වෙලා ඉන්නද හිතාගෙන ඉන්නේ ”තව මාස කිහිපයක් මෙහෙ ඉන්න හිතාගෙන ඉන්නේ, මට ඕස්ටේලියාවේ වගේම ලංකාවෙත් පුරවැසිභාවය තියෙන නිසා මෙහෙ කාලයක් ඉන්නවා ලංකාවේ කාලයක් ඉන්නවා”
ඉතින් මොනවද නතාෂා අලුතෙන් කරපු වැඩ ”මම ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර කිහිපයකම පැවැත්වුන ස්පන්දන සංගීත ප්‍රසංගයේ නිවේදන කටයුතුවලට සම්බන්ද වුනා, ඒ වගේම ඒ ප්‍රසංග සියල්ලම සාර්ථකව සිදුකෙරුනා, අලුත් නිර්මාණ කිහිපයක්ම සැලසුම් කරලා වගේම නිර්මාණ කිහිපයක් කරලා තියෙනවා, ඒ දේවල් ඉවර කරන්න ලංකාවටම එන්න ඕන,”
ඔබ ගොඩක් විලාසිතා කරන කෙනෙක් ඉතින් ලංකාවේ විලාසිතා සහ පිටරටවල්වල විලාසිතා අතර තියෙන වෙනස ඔබට දැනෙන්නේ කොහොමද..? ‘ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා, අපේ රටේ වගේ නෙවෙයි යුරෝපීය රටවල්වල විලාසිතා තියෙන්නේ ගොඩක්ම දියුණු මට්ටමක, එහෙම කියන්න හේතුව තමයි ඒ රටවල්වල මිනිස්සු මොන ක්‍ෂේත්‍රයට රැකියාවේ නිරත වුනත් ඒ අය හරිම පිළිවෙලට පිරිසිදුව විලාසිතා කරනවා, ඒ අය බාවිතා කරන සුවඳ විලවුන් එක පවා විලාසිතාවක් විදියටයි බාවිත කරන්නේ”
නතාෂා කැමති මොන විදියේ විලාසිතා කරන්නද..? සාමාන්‍යයෙන් මම පොඩි කාලේ ඉඳලම විලාසිතා කරනවා, ඒ වගේම මම පොඩිකාලේ ඉඳන්ම විලාසිතා කරන්න හරිම ආසයි, විශේෂයෙන්ම මම කැමති කවුරුවත් කලින් කරලා නැති අමුතුම විදියේ ඇඳුම් අඳින්න, විලාසිතා හරහා ලොකු ආකර්ෂණයක් ලැබෙනවා ඉතින් කලින් කවුරුවත් දැකලා නැති විදියේ විලාසිතා කරන්න තියෙනවනම් මම හරිම ආසයි.