මල් එක එක පාරට විසිකරලා එයාට අහුලන් එන්න කිවුවා, අරන් ආව නිසයි අපි විවාහ වුනේ

ඔබත් මමත් ගොඩක් ආදරේ කරන සුන්දර රංගන ශිල්පිනියක් තමයි අනූෂා දමයන්ති කියන්නේ, මේ දවස්වල අනූෂා ගැන කතා නොකරන කෙනෙක් නොමැති තරම් එහෙම වෙන්න හේතුව තමයි අනූෂා පසුගිය දවසක විවාහ වුනා, අවුරුදු ගණනාවක්ම ආදරේ කරලා තමයි අනූෂා මේ විදියට විවාහ වෙලා ඉතියෙන්නේ, ඉතින් අපි හිතුවා අනූෂා ඇයගේ ආදර කතාව පටන ගත්ත විදිය ගැන ඇයගෙන්ම අහලා දැනගන්න,

අනූෂා කොහොමද ඔයාට ඔයාගේ ආදරෙනීය සැමියා මුණගැහෙන්නේ, ”එක ගොඩක් දිග වගේම ලස්සන කතාවක්, අපි දෙන්නා හඳුනාගෙන අවුරුදු 14කට වඩා වැඩියි, එයා මුලින්ම මාව හඳුනාගෙන තියෙන්නේ නර්තනය නිසා, සිරස ඩාන්සින් ස්ටාර් පවත්වපු මුල් කාලයේ තමයි මෙයා මට කතා කලේ, ඒ 2008 වසරේදී, එයා මගේ ෆෝන් නම්බන්ර් එක යාලුවෙක්ගෙන් ඉල්ලගෙන, මම ඩාන්සින් ප්‍රැක්ටිස් ඉවරවෙලා රෙස්ට් කරද්දී තමයි මට කෝල් එක ආවේ, මට ඉතින් ඒ කාලේ කොහොමත් ගොඩක් කෝල්ස් එනවා මම ඉතින් ඒක එච්චර කෙයා කලේ නෑ, එයා කතා කරලා සුබපතුවා මම තැන්ක්ස් කරලා කට් කළා, හැබැයි පස්සේ ඒ නම්බර් එකෙන් එකදිගට මැසේජ් ආවා, සමහර මැසේජ්වලට මට හිනාත් ගියා, හැබැයි මම රිප්ලයි කලේ නෑ, හැබැයි එයා මට මැසේජ් කරන එක නතරකලේ නෑ දිගටම මැසේජ් කළා,

එහෙම කාලයක් යද්දී මම ඩාන්සින් ස්ටාර් තරඟයෙන් අයින් වුනා, ඒ නිසා ගොඩක් අය මට කතා කළා, අන්න එදා තමයි මම වැඩිපුර මෙයත් එක්ක ටිකක් කතා කලේ, ඊටපස්සේ ඉතින් දිගටම කතා කළා, එහෙම මාස හයක් විතර කතාකරද්දී එයා එකපාරම මට කිවුවා ඔයා මැරිකරන්න කැමතියි කියලා, අපි ෆෝන් එකෙන් කතා කලාට දැකලා තිබ්බේ නෑ, මම කොහොමත් තනියම ෂූටින්වත් යන කෙනෙක් නෙවෙයි මම යන්නේ අම්මා එක්ක, ඉතින් මම කිව්වා ඔයා කැමතිනම් එක අපේ අමගෙන් අහන්න කියලා, ඊට කලින් මට ඔයාව බලන්න ඕන කිවුවා, එයා අපේ ගෙදර ලඟට ආවා මම බැල්කනියේ ඉඳන් තමයි එයා දිහා බලාගෙන හිටියේ, එයාව දකින්න කලින් ඉඳලම මම එයාට කැමතිවෙලා හිටියේ, පස්සේ එයා අපේ ගෙදර ඇවිත් මේ යෝජනාව ගැන කිවුවා, ඊටත් මාස තුනක් විතර ගිහින් තමයි අපේ ආදර කතාව පටන් ගත්තේ,”

ආදරේ කරන කාලේ අමිලව රැග් කළා කියන්නේ ඇත්තද..? ”ආදරේ කරද්දී ඒ වගේ පොඩි පොඩි දේවල් වෙනවා නේ, අපි දෙන්නා කතා කරන්න ගත්ත මුල් කාලේ මම කොහෙහරි යද්දී එයා මගේ වාහනේ පස්සෙන් එනවා, ඉතින් දවසක් මට මල් බොකේ එකක් ලැබිලා තිබ්බා, ඉතින් එයා පස්සෙන් එන නිසා මම වාහනේ යනගමන් මල් එක එක පාරට විසි කරන ගමන් එයාට කිවුවා මට ඇත්තටම ආදරෙයිනම් ඒවා අහුලන් එන්න කියලා, මම විහිලුවට එහෙම කිවුවේ, හැබැයි එයා ඒ සේරම අහුලාගෙන මගේ පස්සෙන් ආවා, ඒකයි මම එයා එක්ක විවාහ වෙන්න තීරණය කලේ, මොකද එයා ගොඩක් හොඳ අවංක කෙනෙක්. එයාගේ හැටි එහෙමයි, ඔයවගේ එක එක දඬුවම් මම එයාට දීලා තියෙනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *