ඔයා ලැබුනේ මගේ පෙර පිනකට – හිතේ තියෙන ආදරේ බුවී කෝටිපති සැමියාට පෙන්නුව විදිය

අපේ ටෙලිනාට්‍ය කලාවට කාලයක් නැතුවම බැරි රංගන ශිල්පිනියක් තමයි බුවිණි දියලගොඩ කියන්නේ, කොහොම වුනත් දැන් නම් ඇය කළා ලෝකයේ දකින්න ලැබෙන්නේ නෑ, ඉතින් අපි හිතුවා කාලයක් වැඩිය සද්දයක් නැතුව හිටපු බුවිණි එක්ක ටිකක් කතා අකරන්න හිතුවා, ඉතින් වත්සලා කොහොමද මේ දවස්වල ජීවිතේ ”විශේෂයක් නෑ පරණ විදියටම ගෙදරට වෙලා හස්බන්ට උදවු කරගෙන සතුටින් කාලයගත කරනවා, පවුල කියන බැඳීම තුල මම ගොඩක්ම සතුටින් ඉන්නේ, ඉතින් මටනම් හැමදාම මල්හතයි”

බුවිණි කොහොමද ආරනීය සැමියා මුණගැහෙන්නේ ”මගේ සැමියා තමයි කසුන් දේවින්ද, මම හිතන විදියට කසුන්ව මට මුණගැහෙන්නේ මගේ දෛවය නිසා කියලයි මට හිතෙන්නේ, ඒ වගේම මගේ පෙර පිනකට, අපි දෙන්නා මීට් වුන එකනම් ඇත්තටම අහම්බයක්, දවසක් මට කසුන් ෆේස්බුක් එකෙන් රික්වෙස්ට් එකක් එවලා තිබ්බා, එයා කවුද කියලා බලද්දී තමයි මම දැනගත්තේ එයාට කාර් සේල් එකක් තියෙනවා කියල, කොහොමත් මම ඒ වෙද්දී මගේ වාහනේ චේන්ජ් කරන්න හිටියේ, ඉතින් මම එයාගෙන් වාහන ගැන අහලා කතා කරා, එයා මට රිප්ලයි කරලා මට ඕන වාහනේ සිලෙක්ට් කරගන්න උදවු කළා, ඊටපස්සේ ඉතින් වාහන බලන එක පැත්තක තියල අපි දෙන්නා හිතවත් වුනා, පස්සේ ඉතින් මම කාර් එකක් වෙනුවට කාර් සේල් එකක්ම ගත්තා”

බුවිණි ඇයි කසුන්ට කැමැති වුනේ..? ”මම එකපාරම කැමති වුනේ නෑ, මම වාහනයක් බලන්න ගියාම අපි දෙන්න ටෙලිෆෝන් නම්බස් මාරුකරගත්තා, අපි මාස හයක් විතර කෝල්ස් වලින් කතා කළා, එහෙම කතා කරද්දේ තමයි මට තේරුනේ කසුන් කියන්නේ හරිම අවංක හදවතක් තියෙන ගොඩක් අහිංසක කෙනෙක් කියලා, ඉතින් මම එයාගේ ඒ අවංක කමට කමතිවෙන්න පටන්ගත්තා, අපේ ගෙවල් එක ළඟ තිබ්බේ ඉතින් මම එයාලගේ ගෙදර එහෙම ගියා, ඉතින් කාලයක් එහෙම යද්දී මට හිතුනා මම දැන් මෙයාට ගොඩක් ආදරෙයි ඒ නිසා කසුන්ව විවාහ කරගන්න ඕන කියලා හිතුනා, ඉතින් මම ගෙදර ගිහිං එයාගේ දෙමාපියන්ගෙන් ඇහුවා.එයාලගේ අකැමැත්තක් තිබ්බේ නැහැ.ඉතින් අපි විවාහ වුණා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *