මේ දවස්වල ලංකාවේ හැමෝම අතර කතාබහට ලක්වෙන ආදනීය කපල් එකක් තමයි දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහ කියන්නේ, කොහොම වුනත් මේ දෙන්නා ආදරවන්තයින් කියලා ඒ දෙන්නනම් තාම කියලා නෑ, සංගීත් නම් කියන්නේ දිනිති ගැන එයාට විශේෂ හැඟීමක් තියෙනවා කියලා, ඒ වගේම ඒ හැඟීම යාලුකමකට එහා ගියපු එකක් කියලත් කියනවා, දිනිති කියන්නෙත් සංගීත් කියන කතාවට සමානම කතාවක්, කොහොම වුනත් මේ දෙන්නා තාම දෙන්නට දෙන්නා ආදරෙයි කියලා නෑලු, හැබැයි මේ දෙන්නගේ වැඩ දකින අපිටනම් හිතෙන්නේ මේ දෙන්නා හරිම ලස්සන කපල් එකක් කියලා,
දිනිති ලංකාවේ හැමෝම අතර ජනප්‍රිය වෙන්නේ රංගන ශිල්පිනියක් විදියට රංගනයට සම්බන්ද වුනාට පස්සේ, ඊට පෙර ඇය ගුවන් සේවිකාවක විදියට රැකියාවෙහි නිරත වෙලා ඉඳලා තියෙනවා, ඉතින් අපි දිනිතිගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහන්න හිතුවා, දිනිති රංගනයට සම්බ්න්දවීම ගැන මොකද හිතන්නේ ”අවංකවම කියනවනම් මට රංගනය නිසා වචනයෙන් විස්තර කරන්න බැරිතරම් දේවල් ලැබුනා, රංගනය නිසා තමයි ලංකාවේම අය දැනගත්තේ දිනිති කියලා කෙනෙක් ඉන්නවා කියලා,ඉතින් මට රංගනයට සම්බන්ද වෙන්න ලැබීම ගැන ගොඩක් සන්තෝසයි”
පාසල් කාලයේත් රංගනයට සම්බන්ද උනාද..? ගාල්ලේ කලාපයේ පැවැත්වුන වේදිකා නාට්‍ය කිහිපයකට මම රංගනයෙන් දායක වෙලා තියෙනවා, මම පාසල් කාලයේ ශේක්ස්පියර් නාට්‍යයේ රඟපෑවා., ඒ වගේම වයස හතේදී මම රාජ්‍ය නාට්‍ය උළලේදී සළුව කියලා නාට්‍යකට සම්බන්ද වුනා, ඒ නාට්‍යටේ රන්ගයට මට කුසලතා සම්මානයක් ලැබුනා, ඒ වගේම මම පාසල් කාලයේ සමස්තලංකා තරංග කීපයක්ම වින් කරලා තියෙනවා”
කොහොම වුනත් දිනිති පසුගිය සවසක සංගිත්ගේ යුටියුබ් නාලිකාවේ කියපු කතාවක් නිසා හැමෝගෙම අවදානය දිනාගන්න සමත් වුනා, ඒ ඔයාලගේ ලවු ස්ටොරිය පටන් අරන් දැන් කොච්චර කල් වෙනවද කියලා රසිකයෙක් අහපු ප්‍රශ්නයකට දුන්න පිළිතුරක් නිසා, ඇය කියන්නේ මේ වගේ කතාවක් ”මම සංගීත් අඳුරගෙන අවුරුදු තුනකට වැඩියි, අපේ ෆ්‍රෙන්ෂිප් එකට අවුරුදු එකහමාරක් වගේ වෙන්නේ, මම මුලින් මෙයාට පොඩ්ඩක්වත් කැමති නෑ, ඒ වගේම මට මෙයාව පෙන්න බෑ, ඇත්තටම කියනවනම් මට මෙයාව පෙන්න බැරිවුනේ මෙයා ආශ්‍රය කරපු අය හරි නෑ, ඇත්තම කියනවනම් මෙයා ආශ්‍රය කල කෙල්ලෙක් හිටියා එයා තමයි හරි නැත්තේ එයාගේ කට හරිම නෑ, එයාට පොඩ්ඩක් ට්‍රැක් කෙනෙක්, මම මෙයත් එක්ක කතා කරාම එයා මෙයාට බනිනවා, ඉතින් මම මොකටද අහකයන කුණු ගාගන්නේ කියලා මෙයාව අයින් කළා, හැබැයි සංගීත්ට එයා එක්ක එෆයා එකක් තිබ්බේ නෑ, හැබැයි එයා හිටියේ ඒ වගේ, හැබැයි ඒ සම්බන්දෙ නතර උනාම තමා මම මෙයා එක්ක යාලුවුනේ”
ඉතින් මේ කතාව ඇහුවට පසේ සංගීත් ගැන දන්නා රසික රසිකාවියන් නම් කියන්නේ දිනිති වල්ගමගේ මේ මඩගහන්නේ සංගීත් කාලයක් ලඟින්ම ආශ්‍රය කරපු සංජානා ගමාරච්චිට කියලයි, කොහොම වුනත් දිනිති සහ සංගීත් ඒ අවස්ථාවේ කිසිම නමක් සඳහන් කරන්නේ නෑ, හැබැයි මේ දෙන්නගේ වැඩ ගැන බලද්දී නම් හිතෙන්නේ දිනිති මේ කියන්නේ සංජනාට කියලා, අපි බලමු මේ කතාවට සංජානා මොනවගේ රිප්ලයි එකක් දේවිද කියලා.