ලෝකෙම පිළිගත්ත ගොඩක් දක්ෂ නිරූපණ ශිල්පිනියක් විදියට වගේම නිරූපණ ක්ෂේත්‍රයේ ගුරුවරියක ලෙසත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න නිරූපණ ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක් තමයි ත්‍රිකලා ධරණී කියන්නේ, ඉතින් අපි හිතුවා සමාජ ජාලා හරහා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ත්‍රිකලා එක්ක ටිකක් කතා කරන්න, ත්‍රිකලා කොහොමද ජීවිතේ මේ දවස්වල මොකද වෙන්නේ ”මම ඉතින් හැම වෙලාවේම ධනාත්මකව හිතන කෙනෙක් නේ ඉතින් මට කොහොමත් ජීවිතේ සුන්දරයි,
ධනාත්මකව හිතන නිසා ඔබේ තත්වය වෙනස් වෙලා නේද..? ”ඇත්තටම ඔව්, ඒ නිසා මම කොච්චර සාර්ථක වෙලාද කියනවනම් මේ වෙද්දී ලංකාවේ වැඩිම පිරිසක් ඉන්න නිරූපණ පාසල මගේ පාසල, ඒ වගේම තමයි මගේ පාසල තමයි ලංකාවේ නිරූපණය ගැන ජාත්‍යන්තර විෂය නිර්දේශය කරන එකම පාසල, මේ ක්‍ෂේත්‍රයේ ඉන්න කෙනෙක්ගේ පිටින් ඔපය විතරක් තිබිලා වැඩක් නෑ, විනයක් වගේම පෞරුෂත්වය වගේ තව ගොඩක් දේවල් තියෙන්න ඕන, මම මගේ පාසලේ ඒ හැමදේම වගේම කෑම බීම ගන්න විදිය පවා කියලා දෙනවා”
මේ ක්‍ෂේත්‍රයේදී කකුලෙන් අදින අය එහෙම නැද්ද.? ‘අම්මෝ ඕන තරම් ඉන්නවා, හැබැයි ඉතින් මෙහෙමනේ පාරේ යද්දී බල්ලෝ බිරුවා කියලා අපි නතර වෙලා ඒවාට රියැක්ට් කරන්න ගියොත් අපේ ගමන අඩාල වෙනවා, මම යන ගමන පැහැදිලියි ඉතින් මම ඒ වගේ අය කෑගැහුවට මගේ ගමන පොඩ්ඩක්වත් නතර කරන්නේ නෑ, ඒ අය මට එක එක ගොසිප් හදලා හැරිලා බලද්දී මම තවත් ඉදිරියට ගිහින් ඉඳීවි,
මවක් බිරිඳක් වීම ගැන මොකද හිතන්නේ ”මම විවාහ වෙලා ඉන්නේ ගුවන් නියමුවෙක් එක්ක ඒ වගේම මට දැන් අවුරුදු පහක දුවෙක් ඉන්නවා, මම මෙතෙක් ගෙවපු ජීවිතේ අවදීන් අතර වැඩිපුරම ආසම සහ මට තියෙන ලොකුම අභියෝගාත්මකම අවදිය දකින්නේ මවක් වීම, දුව ලැබුන දවසේ මට මහා වගකීම් ගොඩක් දැනුනා, කාන්තාවක් වුනාම අනිවාර්යෙන් මවකගේ අත්දැකීම ලබන්න ඕන කියලයි මම නම් හිතන්නේ”