හිරු නාලිකාවේ විකාශනය වෙන ටෙලිනාට්‍යක් හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිලුෂි පවන්‍යා කියන්නේ, ඉතින් අපි හිතුවා ඔයාලා ගොඩක් ආදරේ කරන නිලූශි පවන්‍යා එක්ක ටිකක් කතා කරන්න, ඉතින් පවන්‍යා කියන්නකෝ ඔයා ගැන විස්තර ටිකක් ”මම ගොඩක් සාමාන්‍ය පවුලක ඉපදිලා සාමාන්‍ය විදියට හැදී වැදුන කෙල්ලෙක්, සරසවි අධ්‍යාපනය නිමා කරලා තමයි රංගනයට ආවේ, මගේ තාත්තා රජයේ රැකියාවක් කරනවා, අම්මා සාමාන්‍ය ගෘහනියක්, ඒ වගේම මට යියලා දෙන්නයි එක අක්කා කෙනෙකුයි ඉන්නවා, හැබැයි එයාලා ඔක්කොම විවාහ වෙලා ඉන්නේ, මම විතරයි තවම තනියම ඉන්නේ”
පවන්‍යා ඔයා කොහොමද රංගනයට ආවේ..? ‘මට එක අවස්තාවක තරඟයක් විනිෂ්‍ය කරන්න අවස්ථාවක් ලැබුනා, ඒ අවස්තාවේදී මට ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සනෝජා බිබිලේ හඳුනාගන්න ලැබුනා, එතුමිය තමයි මාව දැක්ක ගමන් කිවුවේ ඔයා රඟපාන්න හොඳයි කියලා, ඊටපස්සේ එතුමිය මට ප්‍රවීණ අධ්‍යක්ෂක වරයෙක් වන එරංග සේනාරත්න මහත්මයා හඳුන්වා දුන්නා, මගේ ලපවෙනි සිනමාපටය වන ‘නිලූ මම ආදරෙයි’ සිනමාපටයට සම්බන්ද වෙන්න අවස්තාව ලැබුනේ ඒ විදියට, ඊටපසේ දිගටම මම රංගන ශිල්පිනියක විදියට මේක්‍ෂේත්‍රයේ කටයුතු කරනවා”
ඇත්තටම පවන්‍යා කියන්නේ කොහොම කෙනෙක්ද..? ”ඉස්සෙල්ලම මගේ දිහා බලන අය හිතන්නේ මම ආඩම්බර ගෑනු ළමයෙක් කියලා, හැබැයි මම එහෙම නෑ මම හරිම සරල ජීවිතයක් ගත කරන සරල කෙනෙක්, මම පොහොසත් දුප්පත් කියලා මිනිස්සු වර්ග කරන්නේ නෑ, මට වටින්නේ මනුස්සකම, මගේ අනාගත බලාපොරොත්තුව සමාජ සේවිකාවක විදියට සමාජයට උදවු කරන එක,”
පවන්‍යා ඔයාගේ පුංචි කාලය ගැන කියන්නකෝ විස්තර ටිකක් ”මේ ලෝකේ හැමෝට ගොඩක් ප්‍රශ්න තියෙනවා මටත් එහෙමයි, අපේ පවුලේ හතර දෙනයි දෙන්නෙක් වෙනම තව දෙන්නෙක් වෙනම හැදුනේ, ලොකු අයියයි අක්කයි වෙනම හැදුනේ, මම චූටි අයියයි වෙනම හැදුනේ, පොඩි කාලේ අපි හතර දෙනා එකට ඉන්නේ ගොඩක්ම අඩුවෙන්, අම්මා රට යනවා ඉතින් ඒ නිසා අම්මගේ ආදරේ ලැබුනේ ගොඩක්ම අඩුවෙන්, ඇත්තටම අපේ පවුලේ ගොඩක්ම ප්‍රශ්න තිබ්බා මම ඒවා ගැන මතක් කරන්නවත් කැමති නෑ, ගෑනු ළමයෙක්ට අම්මා ළඟ ඉන්න ඕනෑම කාලේ අම්මා මගේ ළඟ හිටියේ නෑ, අඩුම ගානේ මම බිග් ගර්ල් කෙනෙක් වෙනකොටවත් අම්මා මගේ ළඟ හිටියේ නෑ, අපේ පවුලේ ගොඩක් ප්‍රශ්න තිබ්බා ඒකයි අම්මා රට ගියේ, මම අම්මට කියනවා අම්මේ මම ඔයා වුනානම් කවදාවත් ඔයා තරම් ඉවසන්නේ නැ කියලා,”