එයා ආදරේ කරන්නේ මගේ ඇඟට නෙවෙයි හදවතට – සඳනි ප්‍රනාන්දු

නිරූපන ශිල්පිනියක් විදියට කළා ලෝකයට පිවිසිලා මේ වනවිට ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදියට ප්‍රේක්ෂක ආදරේ දිනාගෙන ඉන්න සුන්දර තරුණියක් තමයි සඳනි ප්‍රනාන්දු කියන්නේ, ඇයගේ සුන්දර පෙනුම වගේම ලගන්නාසුළු කළා විලාශය නිසාම සඳනි තරුණ තරුණියන් අතර ගොඩක්ම ජනප්‍රියයි, 1998 වසරේ සැප්තැම්බර් මස හත්වන දින උපන් සඳනිගේ දැන් වයස අවුරුදු විසි හතරක් වෙනවා, ඉතින් කාගේත් ආදරේ දිනාගෙන ඉන්න සඳනි එක්කයි අද අපේ කතාබහ,

ඉතින් සඳනි කියන්නකෝ බලන්න ඔයා එදා ඉඳන් අද දක්වා ආව ගමන ගැන පොඩි විස්තරයක්, ”මම ඉපදුනේ මාරවිල, ඉගනගත්තේ නිගම්බු සවුත් ඉන්ටර්නැෂනල් එකේ, හැබැයි මම ඒ කාලේ රංගන ශිල්පිනියක් වේවි කියලා කවදාවත් හිතුවේ නෑ, මම උසස්පෙළ කරදී තෝරාගත්තේ කළමනාකරණය විෂන්, ඒ කවදා හරි රස්සාවක් කරන්න කියලා හිතාගෙන හැබැයි මගේ ජීවිතේ 2007 වසරේදී සම්පුර්ණයෙන්ම වෙනස් වුනා, ඒ මම අයි.ටී.එන්. අවුරුදු කුමාරි තරගයට ඇප්ලිකේෂන් එකක් දැමීමත් එක්ක, මට හිතාගන්න බෑ ඇයි මම එහෙම දෙයක් කලේ කියලා, හැබැයි ඒ දේ නිසා මගේ ජීවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් වුනා, ඊටපස්සේ මම ජාතික රුපවාහිනියේ අවුරුදු කුමරිය තරඟයට සම්බන්ද වුනා, ඉතින් එහෙම්ම අධ්‍යාපන තාවකාලිකව නතර කරලා රංගනය පැත්තට යොමුවුනා”

සඳනි විවාහ වෙන්න ඉන්නේ ජනප්‍රිය ගායක පියත් රාජපක්ෂ එක්ක, ඉතින් කොහොමද සඳනි පියත් එක්ක ගෙවන ජීවිතේ ”අපි දෙන්නා ගොඩක් ආදරෙන් ඉන්නවා, ඇත්තටම මම ගොඩක් කැමතිවුනේ එයාගේ සින්දුවලට පස්සේ මම එයාට ආදරේ කරන්න පටන් ගත්තා, දැන් අපි දෙන්න ආදරණීය ජීවිතයක් ගතකරනවා, හැබැයි අපි දැන්ම විවාහ වෙන්න අදහසක් නෑ මොකද මම තාම පොඩි කෙල්ලෙක් නේ, අපි තව ටික කාලයක් මේ විදියට ඉන්නවා තව අවුරුදු 2-3කින් අපි විවාහ වෙනවා, පියත් ආදරේ කරන්නේ මගේ පෙනුමට නෙවෙයි එයා ආදරේ කරන්නේ මගේ හදවතට ඉතින් මම විශ්වාස කරනවා මම මගේ අනාගත ජීවන සහකාරයා විදියට තෝරාගෙන තියෙන්නේ ලෝකේ ඉන්න හොඳම ආදරවන්තයා කියලයි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *