අපේ නිරූපිකාවන් අතරින් තරුණ ආකර්ෂණය වැඩියෙන්ම හිමිවෙලා තියෙන නිරූපිකාවක විදියට හඳුන්වන්න පුළුවන් නිරූපිකාවක් තමයි චුලක්ෂි රණතුංග කියන්නේ, ඒ වගේම ඇය මේ වනවිට සිනමා රංගන ශිල්පිනියක විදියටත් හඳුන්වන්න පුළුවන්, දේදුනු ආකාසේ සිනමා නිර්මාණය හරහා රංගනයට පිවිසුන දුටුවන් නෙත් සිත් වශී කරවන්න සමත්වුණ චුලක්ෂි සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ,
ඉතින් චුලක්ෂි මොකද කරන්නේ මේ දවස්වල, කාර්යබහුලයිද..? ”මේ දවස් ටිකේ පොඩි පොඩි ට්‍රැවල් ටිකක් කළා, ඒ වගේම නිර්මාණ කිහිපයකටම සම්බන්ද වුනා, පොටෝ ෂුට්ස් කිහිපයක් කළා, ඒ වගේම රංගන ගැන තව ටිකක් ගැඹුරින් හදාරන්න පටන් ගත්තා, මොකද අපිට ජීවිතේ අවසන් වෙනකන්ම ඉගන ගන්න දේවල් තියෙන විෂයක් තමයි රංගන කියන්නේ, ඉතින් මම ඒ දේට වැඩි අවදානයක් දීලා ඉන්නවා, වෙනදා වගේම ජිම් යනවා, ඕවා තමයි මේ දවස්වල වෙන්නේ”
චුලක්ෂි අපි ඔබව දකින්නේ සිනමාව හරහා විතරයි මොකද චුලක්ෂි පුංචි තිරයට කැමති නැද්ද ”මෙහෙමයි මම නිතරම කැමති වුනේ මාව හැම තිස්සෙම ලොකු තිරයක දකින්න සිනමා නිළියක් වෙන්න, හැබැයි මම එකෙන් අදහස් කරන්නේ නෑ මම ටෙලිනාට්‍යවලට කැමති නැහැ කියන එක, මම තවම ටෙලිනාට්‍යවලට රංගන දායකත්වය ලබාදීලා නෑ, හැබැයි මට මිනිස්සුන්ට මතක හිටින විදියේ ගුණාත්මක ටෙලිනාට්‍ය චරිතයක් කරන්න ලැබුණොත් මම ඒක ඉතා අසාවෙන් භාරගන්නවා,”
චුලක්ෂි දැන් ඔයාට විවාහ වෙන්නත් කාලය හරි නේද..? ඉතින් දැන්ම විවාහ වෙන්නේ නැද්ද..? ‘මම වයස දකින්නේ ඉලක්කමක් විදියට විතරයි, හැබැයි මම කවදාවත් වයස යනවා කියලා විවාහ වෙන්නේ නෑ, හැබැයි මම දරුවන්ට ගොඩක් ආසයි, පුංචි ළමයි ඉන්න තැනකට ගියාම මට වෙලාව යනවා දැනෙන්නේ නෑ, මට මගේම කියලා ළමයෙක් ඕන නෑ මට ළමයෙක් අරන් හදාගන්න තිබ්බනම් ඒ හොඳටම ඇති හැබැයි මම කිසිම දෙකට හදිස්සි වෙනකෙනෙක් නෙවෙයි, රංගනයතුල වුනත් මම හෙමින් ගමනක් ආව කෙනෙක්”