මම දැන් ජනප්‍රිය නිසා අවුරුදු ගානක් කතාකලේ නැති යාළුවො මට කතා කරනවා – තත්සරනි

මේ දවස්වල ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි සවර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන ‘පාරදිගේ’ ටෙලිනාට්‍ය, අලුත් මුහුණු කිහිපයක්ම කළා ලෝකයට හඳුන්වා දුන්න පාරදිගේ ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත නවක රංගන ශිල්පිනියක් තමයි තත්සරණි පියුමිකා කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ මේ දවස්වල ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න තත්සරණි පියුමිකා සමග,

තත්සරණි මේ දවස්වල චරිත දෙකක් හරහා ජනප්‍රියයි නේද, කියන්නකෝ බලන්න ඒ ගැන විස්තර ටිකක්, ”ඔව් මේ දවස්වල චරිත දෙකක් හරහා ප්‍රේක්ෂයන් අතරට එනවා, නිශාරා සහ රුචී තමයි මම රංගනයේ යෙදෙන චරිත දෙක, මේ චරිත දෙක දෙවිදියක්, කොහොම වුනත් මට ඒ චරිත දෙකටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා, ගොඩක් අය මාව අඳුරගෙන කතා කරනවා, ඉතින් මට හරිම සතුටුයි ඒ ගැන,”

තත්සරණි කියන්නේ නිලියක් වෙන්න හීන දැකපු කෙනෙක්ද..? ‘ඔව් ඇත්තටම මම පොඩි කාලේ ඉඳලම රඟපාන්න ගොඩක් ආසාවෙන් හිටියේ, ඉතින් මම රංගනයට සම්බන්ද වෙන්න ගොඩක් උත්සහ කළා, හැබැයි මට අවස්තාවක් ලැබුනේ නෑ, හැබැයි මම උත්සාහය අත්හැරියේ නෑ, ඉතින් මගේ හීනයට යන්න ඕන නිසාම මම 2020 වසරේදී ස්වාදීන රූපවාහිනියේ අවුරුදු කුමරිය තරඟයට සම්බන්ද වෙනවා, ඒ තරඟයෙන් මම අවසන් 12දෙනා අතරට තේරෙනවා, ඉතින් ඒ හරහා තමයි මට රංගනයට පිවිසෙන්න අවස්තාව හිමිවෙන්නේ”

ඔබ අවට ඉන්න අයගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද..? ‘ඇත්තම කියනවනම් යාලුවන්ට හිතාගන්නවත් බෑ අද මම ඉන්න තැන ගැන, අවුරුදු ගානක් කතා කරන්නේ නැතුව හිටපු යාලුවොත් මගේ නම්බර් එක හොයාගෙන දැන් කතා කරනවා, ජනප්‍රිය වුනාට පස්සේ තමයි ඒ අයට මාව මතක් වෙලා තියෙන්නේ, ඒ වගේම සමාජ ජාලා හරහාත් ගොඩක් අය කතා කරනවා, ඒ කතා කරන ගොඩක් අය කියන්නේ ඉස්කෝලේ පැත්තකට වෙලා ඉඳපු ළමයා දැන් ගොඩක් වෙනස්වෙලා කියලා, හැමෝටම හිතාගන්න බෑ මේ මමමද කියලා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *