නිවුන්නු කියන්නේ හරිම සුන්දර බැඳීමක්, ඒ වගේම හරිම අපූරු බැඳීමක්, නිවුන්නු දැක්කම සමහර අයට අනේ අපිත් නිවුන්නු උනානම් කියලා හිතෙන තරමට ඒ බැඳීම හරිම සුන්දරයි, අලුත බැඳපු කපල් එකක් උනත් කියන්නේ අනේ අපිට නිවුන් බබාලා ලැබෙනවානම් ශෝක් කියලා, නිවුන්නු දෙන්නෙක් පවුලට එකතු වෙනවා කියන්නේ ඒ පවුලේ සතුට පිරිලා ඉතිරිලා යනවා, ඉතින් අපි අද කතා කරන්න යන්නේ ලංකාවේම ආදරේ දිනාගන්න සමත්වුණ නිවුන්නු දෙන්නෙක් ගැන, ඒ ඔයාලා හොඳින්ම දන්න අනුශ්කි සහ කනුශ්කි ගැන,
දෙරණ නාලිකාවේ විකාශනය වෙන ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍ය හරහා රංගනයට පැමිණි මේ නිවුන්නු දෙන්නා මේ වනවිට ලංකාවේ අඳුරන්නේ නැති කෙනෙක් නොමැති තරම්, මේ නාට්‍ය පටන් ගත්ත කාලයේ හැමෝම වගේ හිතුවේ නිල්නේතු සහ පිනිමුතු කියන චරිතයට පන පොවන්නේ එකම රංගන ශිල්පිනියක් කියලා, කොහොම හරි මේ දෙන්නම එකම වැඩසටහන් වලට ආවට පස්සේ තමයි හැමෝම විශ්වාස කරන්න පටන් ගත්තේ මේ දෙන්නා දෙන්නෙක් කියලා,
නිල්නේතු කියන චරිතයට රංගන දායකත්වය ලබා දෙන්නේ සැබෑ ජීවිතයේදී අක්කා වෙන අනුශ්කි ප්‍රේමචන්ද්‍රි, පිනිමුතු විදියට රංගනයෙන් දායක වෙන්නේ සැබෑ ජීවිතයේදී නංගි වන කනුශ්කි ප්‍රේමචන්ද්‍ර, මල් පිපෙන කාලේ ටෙලිනාට්‍යයේ චරිතත් මේ දෙන්නගේ සැබෑ ජීවිතයට ගොඩක් සමානයි කියලයි අනුශ්කි සහ කනුශ්කි අපිට කිවුවේ, රංගනයට වගේම මේ නිවුන්නු දෙන්නා නර්තනයත් ගොඩක්ම දක්ෂයි,
අනුශ්කි පලවෙනි ආදරේ ගැන කියන්නකෝ විස්තර ටිකක්, මට පලවෙනි වතාවට ආදරයක් ඇතිවුනේ ඕලෙවල් කරන කාලේ, හැබැයි ඉතින් එක ලොකුවට දැනුන ආදරයක් නෙවයි, ඒ කාලේ ජොලියට කරපු ආදරයක්, ආදරේ ගැන ලොකුවට තේරුමක් නෑ නෙ ඒ කාලේ, යාළුවො කියනවා අරයා ලස්සනයි අරයගෙ කොන්ඩේ මෙහෙමයි අරයගෙ මේක මෙහෙමයි අරයා මෙහෙමයි, කියලා කියනවට ඇතිවුන එකක්, – කනුශ්කිට කොහොමද පලවෙනි ආදරේ දැනුනේ, මම නම් ඒලෙවල් කරන කාලේ, පාසල් ප්රෙමයක්ම නෙවෙයි ඒක, අපි ගියේ ගර්ල් ස්කූල් එකකට නේ පාරේදී ඇතිවුන එකක් ඒක”
අනුශ්කි බෝයිෆ්රෙන්ඩ්ගෙන් ලැබෙනවට කැමතිම ගිෆ්ට් එක මොකද්ද..? මට ගොඩක් දේවල් හිතෙනවා, එකක් කියලා හිතාගන්න බෑ හැබැයි මම කැමතිම BMW එකක් ලැබෙනවට, තව ගොඩක් දේවල් තියෙනවා, හැබැයි BMW එකක් තමයි කැමතිම, – එතකොට කනුශ්කි මොනවටද කැමති මම නම් එහෙම විශේෂයක් නෑ, මට දෙන ඕන දෙයක් මම ආදරෙන් බාරගන්නවා.