කකුලක් පස්සක් දැක්කොත් ටිපර් වෙන ලාංකීය අභිමානය – සාරංග දිසාසේකර

කළා ලෝකයේ ඉන්න කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ, ඒ වගේම ලංකාවේ අංක එකේ හිට් එකක් විදියටත් සාරන්ගාව හඳුන්වන්න පුළුවන්, සාරංග විවාහ වෙලා ඉන්නේ කළා ලෝකයේ දැවැන්ත පවුලක් වන ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් සමග, ඒ වගේ සාරංග සහ දිනක්ෂි මේ වනවිට ආදරණීය දෙමාපියන් යුවලක්, මේ ඉතින් ඔයාලා හැමෝම දන්නා දේවල් ටිකක් නේ, හැබැයි අපි අද සාරංග එක්ක කතා කරන්න ඔයන්නේ ඔයාලා සාරංග ගැන දන්නේ නැති දේවල් ටිකක් ගැන,

ඉතින් සාරංග කොහොමද ජීවිතේ මොකද කරන්නේ මේ දවස්වල ”මේ දවස්වල ඉතින් අපේ දෝනි සාරාන්‍යාගේ හුරතල් එක්ක තමයි දවසේ වැඩි කාලයක් ගත කරන්නේ, ඒ වගේම නිර්මාණ වලටත් සම්බන්ද වෙනවා, ආදාධනා කිහිපයක්ම ලැබිලා තියෙනවා ඒ ආරදනාවල පිටපත් පරීක්ෂා කරන ගමන් තමයි මේ දවස්වල ඉන්නේ, මම සම්බන්ද වුන නිර්මාණ කිහිපයක් විකාශනය වෙන්නත් තියෙනවා”

සාරංගග සිනමාව හරහා දකින්න ලැබෙන්නේ බොහොම අඩුවෙන් නේද..? ඇයි ඒ..? ”මම සිනමා නිර්මාණ කිහිපයකටම සම්බන්ද වෙලා රංගන දායකත්වය ලබා දුනා,හැබැයි මට වැඩියෙන් ආරාධනා ලැබෙන්නේ පුංචි තිරයට වගේම වෙළඳ දැන්වීම් වලට, මට පුංචි තිරය සිනමාව කියලා නැ, චරිතය ගුණාත්මක එකක් නම් මම රංගන දායකත්වය ලබා දෙනවා”

පසුගිය කාලයේ ඔබට විවිද චෝදනා එල්ල වුනා නේද රසික ජනතාවගෙන්, ”මගේ රසිකයෝ මට එහෙම කරන්නේ නෑ, හැබැයි යම් පිරිසක් හිටියා එක එක දේවල් ප්‍රචාරය කරපු, මම ඒවා ගණන් ගන්නේ නෑ , හැමෝගෙම ජීවිත වල අඩුවැඩි වශයෙන් දුක කරදර තියෙනවා, මම බෞද්ධයෙක් වශයෙන් ඒ හැම දෙයක් ගැනම අවබෝදයෙන් ඉන්නේ, සාමාන්‍ය මිනිස්සු විදියට අපේ ජීවිත වල යම් වෙලාවට කදාවටීම් ඇතිවෙනවා, හැබැයි මම ඒවා ශක්තියක් කරගෙන ආයේ නැගිටිනවා”

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සාරංග දිසාසේකර පසුගිය දවසක අපූරු සටහනක් ඔහුගේ මුහුනුපොත හරහා ශෙයා කරලා තිබ්බා, ඒ තුෂාර වික්‍රමනායක විසින් තැබූ සටහනක් ඒ සටහනේ උපුටාගත් කොටසක් තමයි මේ ”මනුස්සයෙකුගෙ කකුලක් පස්සක් දැක්කොත් ටිපර් වෙන ලාංකීය අභිමානය. දිනක්ෂිගේ කොට කලිසම බුකිය රත් කරනකොට වැඩ නිසා ප්‍රතිචාර දෙන්න බැරි වුණා. කියන්න ඕන ඕක්කොම දැං කියවෙලා නිසා නිහඬ වුණු මම ඕං දෙවෙනි පෝස්ටුවත් බුකිය රත් කරනවා දැක්කා. දිනක්ෂිගෙ ශෝට ඩිෆෙන්ඩ් කරපු බොහෝ දෙනෙක් මටත් නෑනෙ මෙච්චර කියලා හෝගාලා පස්සකට හිනා වෙනවා. එසේ මෙසේ බුකියෙ පෝස්ට් දාගෙන ලයික් ගන්න නලියන ‘influencer’ ල විතරක් නෙවේ සිස්ටම් චේන්ජ් කරන්න දාර්ශනික ටෝක් දෙන දේශපාලනයට එන්න දත කන තරුණ ගැහැණු සහ පිරිමි, හිටපු මැතිවරණ කොමසාරිස්ල, අධ්‍යාපනඟ්‍යෝ, එකී මෙකී නොකී හැමෝම තමන් නාඳුනන ක්‍රිකට් ක්‍රීඩකයාගේ පස්සෙ බර මනිනවා.” කියලයි, මේ සම්පුර්ණ සටහන බලන්න ඕන නම් සරංගගේ හෝ තුෂාර වික්‍රම නායකගේ මුහුණු පොතට යන්න, කොහොම වුනත් තුෂාරගේ මේ කතාව සාරංග විසින් එක පයින්ම අනුමත කරලා තිබ්බා, මේ ගැන ඔයාලට හිතෙන්නේ මොනවද..?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *