ආදර යෝජනා ගෙනල්ලා කරදර කරන්න එපා මට බඳින්න කෙනෙක් ඉන්නවා – දෙනෙති

නර්තන ශිල්පිනියක් විදියට තරුණ ආකර්ෂණ නොඅඩුව දිනාගන්න සමත්වුණ දක්ෂ නර්තන ශිල්පිනියක් තමයි දෙනෙති පුස්සේගොඩ කියන්නේ, ඉතින් මේ දවස්වල හැමෝම හොයන දෙනෙති එක්ක අපි ටිකක් කතා කරන්න හිතුවා, දෙනෙති කියන්නකෝ ඔයා ගැන විස්තර ටිකක් ”මගේ ගම නුවර, මම ඉගනගත්තේ ගේට්වේ ජාත්‍යන්තර පාස​ලෙන්, මගේ අප්පච්චි ප්‍රියන්ත පුස්සේගොඩ. අම්මා ධම්මි පුස්සේගොඩ, ඒ වගේම මට අයියලා දෙන්නෙක් ඉන්නවා, ලොකු අයියනම් අවුරුදු 10කට වැඩි කාලයක් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ඉන්නේ. මගේ පොඩි අයියා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්. අපේ වීඩියෝ වලට ගොඩක් හෙල්ප් කරන්නේ පොඩි අයියා”

දෙනෙති කොහොමද ලංකාවේ හැමෝම අතර ජනප්‍රිය වුනේ පොඩ්ඩක් කියන්නකෝ ඒ ගැන ”මම මගේ යාළුවො ටික කාව්‍යයි කිංකිණි සහ අංජලි එක්ක ඉංග්‍රීසි සිංදුවකට හන්තානේ ග්‍රවුන්ඩ් එකක ඩාන්ස් එකක් කළා, ඒ ඩාන්ස් එක දාලා එඩිට් එකක් කරලා තිබ්බා ‘රන්වන් රන්වන් සේල ඇඳ ‘ සින්දුවේ රිමික්ස් එකකට ඒ වැඩේ කලේ කවුල කියලා අපි දන්නේ නෑ. හැබැයි එකෙන් අපි ගොඩක් වයිරල් ගියා, ඊටපස්සේ අපි කරපු ජෙරුසලම වීඩියෝ එක ලෝකේ රටවල් ගොඩක අය බලලා තිබ්බා, ඒක මේ වෙද්දී මිලියන 7 පැනලා විව්ස් ගිහින් තියෙනවා, කොහොම හරි ඒ ඩාන්ස් එකට සඳ කුමාරි සිංදුව දාලා වීඩියෝ එකක් හදලා ශෝෂල් මීඩියා දාලා අපි දන්නේ නෑ කවුද ඒවා කරන්නේ කියලා හැබැයි ඒ දේවල් නිසා තමයි අපි හැමෝම දැනගත්තේ”

ඩාන්සින් වීඩියෝ වයිරල් වෙච්ච නිසා කළා ලෝකයට පිවිසෙන්න අවස්තාවක් ලැබිලා තියෙනවා නේද..? ඔව් අපිට වැඩ ගොඩක් ලැබුනා, ඉතින් ඒ නිසා අපිට අපේ දක්ෂතාවය පෙන්වන්න ලොකු අවස්තාවක් ලැබුනා, භාතිය සන්තුෂ් අයියලාගේ උන්මාද ප්‍රේම ගීය මියුසික් වීඩියෝ එකට කතා කරලා භාතිය අයියා කිවුවා ඔයාලා කැමති විදියකට මේකේ ඩාන්ස් එක හදාගන්න කියලා, ඇත්තටම ඒක ගොඩක් ලොකු අවස්තාවක්, ඒ වගේම මට රංගනයටත් ආරාධනා ගොඩක් ලැබුනා, හැබැයි මම රංගනයට කැමති නෑ, හැබැයි වීඩියෝ වැඩ බාරගන්නවා, ටෙලි ඩ්‍රාමා සහ චිත්‍රපටවලට නම් කැමති නැහැ.”

ආදර යෝජනා එහෙම එනවද ජනප්‍රියත්වය නිසා ”ආදර යෝජනානම් ලැබෙනවා දවසට මැසේජ් ගොඩක් එනවා, එහෙම කරදර කරන්න එපා, මම දැන් පෙම්වතියක්, අවුරුදු හතක් විතර වෙනවා මගේ ආදරේට එයා මම පොඩි කාලේ ඉඳලම දන්නා කෙනෙක්, ඒ වගේම අපි ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා. එයා දන්නවා මම ඩාන්සින්වලට කොච්චර ආදරෙයිද කියලා, ඒ වගේම මම ඩාන්සින්වලට කොච්චර දක්ෂයිද කියලා, එයා මට මගේ හැකියාව වැඩිකරගන්න ගොඩක් උදවු කරනවා, එයා මට ගොඩක් ආදරෙයි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *