මම ගොඩක් චුටි කෙල්ලෙක් නේ ඒ නිසා මගේ හීනය සැබෑ කරගන්න බැරි වුනා

ආදරණීය පෙම්වතිය විදියට පුංචි තිරය හැඩ කරන්න කළා ලෝකයට එකතුවුන සුන්දර රංගන ශිල්පිනියක් තමයි ශෙහානි කහඳවල කියන්නේ, කොහොම වුනත් මෑතකදී සිදුකල චායාරූප ඇල්බම් එකක් නිසා ෂෙහානි සමාජ ජාලා තුල ගොඩක් ජනප්‍රියයි, ඒ වගේම පසුගිය දිනක අය හින්දි ගීතයකට කවර් ඩාන්ස් එකක් නිසාත් ගොඩක් ජනප්‍රිය වුනා, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ෂෙහානි එක්ක ටිකක් කතා කරන්න,

ෂෙහානි ගොඩක් සුන්දරයි ඉතින් ඔය සුන්දරත්වය කරගන්න ඔයා දවසින් වැඩි වෙලාවක් ඉන්නේ ජිම් එකේ කියලා අපිට ආරංචියක් ආවා ඇත්තද ඒක ”ඉස්සරනම් මම වැඩි කාලයක් ජිම් එකේ හිටියා, හැබැයි කාලයක් යද්දී මට ඒක කම්මැලි වැඩක් වගේ හිතුනා, දැන් මම ආස දේවල් හොඳට කනවා, හැබැයි ඉතින් නිලියක් වුනාම ශරීරයේ හැඩය ගැන හිතන්න ඕන නේ ඉතින් ඒ නිසා මම මොකක් හරි වැඩක් තියෙනවනම් ඒකට සති එක හමාරක් වගේ තියලා ඩයට් කරලා ජිම් ගිහින් ඒකට ලෑස්ති වෙනවා, මොකද ඒ දේවල් වෙනුවෙන් කැපකිරීමක් කරන්න ඕන නේ”

ඔබට හිතෙන විදියට රංගන ශිල්පිනියකට ලස්සන වීම කොච්චර වැදගත්ද..? ”මෙහෙමයි මම හිතන විදියට ලස්සන වෙන්න ඕන හදවත, හැබැයි ඉතින් රංගන ශිල්පිනියකට හැකියාව වගේම සුන්දරත්වයත් තියෙන්නේ ඕන හැබැයි ඉතින් ලස්සන රූපය කියන දේ ඒ තරම් වැදගත් නෑ, මම නම් ඉතින් මගේ ශරීරයේ හැඩයට ගැළපෙන විලාසිතා කරන කෙනෙක්. ඊට වඩා මොනවත් මම කරන්නේ නෑ,

ශේහානිට සිහිනයක් තිබ්බද හැබෑ කරගන්න බැරි වුන ”ඔව් මට ලොකු හීනයක් තිබ්බා එයාර් හොස්ටර් කෙනෙක් වෙන්න, හැබැයි මට ඒ හීනය සැබෑ කරගන්න බැරි වුනා, මොකද මම ගොඩක් චුටි කෙල්ලෙක් නේ, ඉතින් එහෙම දුකෙන් ඉද්දී තමයි අහම්බෙන් මට මේ ක්ෂේත්‍රයට එන්න ලැබුනේ, දැන් මගේ එකම හීනය වෙලා තියෙන්නේ මේ ක්ෂේත්‍රය තුළ මගේ දෙයක් කරන එක.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *