අපේ රටේ යුටියුබ් රජු විදියට කිරුළු පැළඳ ඉන්න යුටියුබ් නාලිකාව තමයි වස්ති කියන්නේ, මේ වෙද්දී වස්ති කියන්නේ බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි, ඉතින් මේ යුටියුබ් නාලිකාවේ හිමිකරු තමයි අනුෂ්ක උදාන, අනුෂ්ක දුලාජ් සහ ඔවුන් දෙදෙනාගේ යහළුවන් සමග කරන ප්‍රහසන වීඩියෝ ලංකාවේ බාල මහලු හැමෝම අතර ගොඩක් ජනප්‍රියයි. අද තරුණ පරපුරේ ඉහලින්ම වැජඹෙන තරුවක් ලෙස ඔහුව හඳුන්වා දිය හැකිය. ඒමෙන්ම ගායකයෙකු වශයෙන්ද අද ඔහු ඉන්නේ ඉතාමත් ඉහල තැනකයි. වර්තාමාන පරපුරේ ඔහුගේ පසුපස හඹා යන තරුණයන්ට ඔහු ඉතාමත් ආදර්ශකනි. ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ සමාජ ජාලා හරහා ලංකාවම ආක්‍රමණය කරපු අනුෂ්ක උදාන ලියනගේ සමග,
අනුෂ්ක අවංකව කියන්න ආසියාවේ මුතු ඇටය ගැන ඔයාට හිතෙන්නේ මොකද්ද..? ”ගොඩක් ඉස්සර තමයි අපේ රටට ආසියාවේ මුතු ඇටය කිවුවේ, හැබැයි දැන් එහෙම කියන්න බෑ කියලයි මට හිතෙන්නේ, ඉස්සර අපි පිටරට ශෝවලට ගියාම එහෙ අය ඔයාලා කොහෙද ඇහුවම අපි ලංකාවේ කියන්නේ ගොඩක් ආඩම්බරෙන්, හැබැයි දැන් අපි රට ගිහින් ලංකාවේ කිවුවම එහෙ අය අපිට කින්ඩියට වගේ හිනාවෙනවා, ඒ තරමට බංකොලොත් වෙලා ඉන්නේ අපේ රට”
කළා කරුවෙක් විදියට කලාකරුවා කියන කෙනාට දේශපාලනය ගැලපෙනවද..? ”කළාව කියන්නේ හරිම උතුම් වෘත්තියක්, ඒ නිසා කිසියම් කළාකරුවෙක් දේශපාලනයට කඩේ යනවා කියන්නේ එයා තමන්ගේ වෘත්තිය පාවාදීමක්. මම නම් කියන්නේ කිසිම කළාකරුවෙක් කිසිම පක්ෂයකට කඩේ යන්න හොඳ නෑ මොකද දැන් පේනවනේ කඩේ ගියපු අයට කැඳත් නැතුව ඉන්න හැටි”
අනුශ්කගේ යාළුවො ඔක්කොම බඳිනවා අනුෂ්ක දැම්ම කසාද බඳින්නේ නැද්ද..? ‘මම හිතන්නේ මට කවදාවත් ඒ දේ කරන්න බැරිවේවි, මොකද මට හැමදේම පෙන්නේ හරිම අමුතු විදියට, මට හරියන එකක් නෑ වගේ මට පෙන්නේ, මොකද මට කෙනෙක් මුණගැහුනත් එයාගේ මොකක් හරි අඩුවක් පේනවා, ඒ හින්දා මට තනිකඩ ජීවිතේ මරු, මම කියන්නේ අවංක කමේ ප්‍රශ්නයක් නෙවෙයි, අවංක අය ලංකාවේ ඕනෑතරම් ඇති හැබැයි මට හම්බවෙලා නෑ, ඉතින් මට හරියන්නේ නැත්තන් මම මොනවා කරන්නද, මම තනියම මගේ වැඩ ටික කරගෙන ඉන්නවා’