අට වෙනි ටැටූ ආටිස් මගේ අතේ ගහපු 20වෙනි ටැටූ එක – කාවින්ද්‍යා අතේ කරපු අලුත්ම ටැටූ එක

කළා පවුලකින් කලාවට සම්බන්ද වුන රංගනයට ගායනයට වගේම නිවේදනයටත් ගොඩක් දක්ෂ කළා ශිල්පිනියක් තමයි කාවින්ද්‍යා අධිකාරි, කාවින්ද්‍යා කියන්නේ හරිම සංවේදී චරිතයක් ජීවිතේ බොහෝ දේවල් විඳිමින් සුබවාදී ගමනක් යන කාවින්ද්‍යා එක්ක ටිකක් කතා කරන්න අපි හිතුවා, ඉතින් කාවින්ද්‍යා මොකද කරන්නේ මේ දවස්වල, ”මේ දවස්වල ඉතින් පොඩි පොඩි වැඩ ටිකක් කරගෙන යනවා,ඒ වගේම අම්මගේ සංගීත වැඩ වලටත් උදවු කරනවා, තව අලුත් නිර්මාණයක් එළිදක්වන්න සැලසුම් කරගෙන ඉන්නේ, බලමු ඒ දේවල් ඉස්සරහට,”

කාවින්ද්‍යා පාසල් කාලයේ ඉඳලම කලාවට සම්බන්ද වෙන්න හීන දැක්කද..? ”පාසල් කාලයේ මම හැදෑරුවේ නර්ථනය, මම වියානා ජයසුරිය මහත්මිය යටතේ බැලේ නර්ථනය හැදෑරුවා ඊටපස්සේ මම චන්න විජේවර්ධන මහත්මයා යටතේ මම උඩරට නර්ථනය හැදෑරුවා, සංගීතය ඉතින් මගේ අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම ජානවලින් ලැබිලා තියෙනවා, ඉතින් මට කලාව ට අමතුවෙන් පිවිසෙන්න දෙයක් නෑ, මම කලාව තුලම උස්මහත් වුන කෙනෙක්”

හැමදාම වගේ කාවින්ද්‍යා ට අම්මගේ ආදරේ අඩුවක් නැතුව ලැබෙනවා නේද..? ”ඔව්, ඒක ඇත්ත මොකද අම්මගේ ආදරේ කවදාවත් අඩු වුනේ නෑ, ඇත්තටම අම්මට මම නැතුව ඉන්නම බෑ, දැන් මම ඉන්නේ ගෙදර උඩ තට්ටුවේ, අම්මා ගේ හදලම තියෙන්නේ ගෙදර උඩ තට්ටුව මට දෙන්න, අම්මා කියන්නේ මම බැන්දම කොහෙවත් යවන්නේ නෑ, මම හස්බන්ඩ් එක්ක ගෙදරම තියාගන්නවාලු, මෙච්චර කාලයකට අම්මගේ ආදරේ වැඩි වෙලා මිසක් එක දශමයක්වත් අඩුවෙලා නෑ”

කාවින්ද්‍යා හැදෙන්නේ අම්මා සමග ඉතින් කාවින්ද්‍යා ට තාත්තා ළඟ නැති අඩුව දැනෙන්නේ නැද්ද ”අනේ නෑ තාත්තා නැති අඩුව කවදාවත් මට දැනිලා නෑ, හැබැයි අපේ අම්මා කවදාවත් මගේ අම්මා තාත්තට වෛර කරන්න කියලා ඉගැන්නුවේ නෑ, මගේ අම්මා මට කියලා තියෙන්නේ ඕනම කෙනෙක්ට පුළුවන් උදව්වක් කරන්න කියලා, ඒ වගේම අම්මා කවදාවත් තාත්තයි අපිවයි වෙන්කරලා නෑ, ලෝකේ ඉන්න හොඳම අම්මා ඉන්නේ මට”

කාවින්ද්‍යා ටැටූ නිසා ගොඩක් ජනප්‍රියයි නේද. ඔව් ගොඩක් අය ඒ ගැන කතා වෙනවා, සමහර අය බනිනවා සමහර අය හොඳ කියනවා, දැනට මගේ ඇඟේ ටැටූ විස්සක් තියෙනවා, මම ගොඩක් ආසයි ටැටූ කරන්න, මම මගේ කැමැත්තට ටැටූ කරන්නේ, ඒකට කිසිම කෙනෙක්ට චෝදනා කරන්න බෑ, අනික ටැටූ කියන්නේ කලාවක්, මම කියන්නේ ලිං මැඩි අදහස් දැන් අත්හරින්න ඕන, මම මේ ළඟදී මගේ 20වෙනි ටැටූ එකත් මගේ අතේ හැහුවා, ඒ අටවෙන ටැටූ ආර්ටිස්ට් එක්ක, මේක මගේ කැමැත්ත කාටවත් ඒක විවේචනය කරන්න බෑ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *