අපි වැඩ බෙදාගෙන කරන්නේ මම අතුගාන දවසට එයා වලන් සෝදනවා – නදුනි කරුණාතිලක

නදුනි කරුණාතිලක සහ දිනූශ දිසානායක කියන්නේ කළා ලෝකයේ ඉන්න ගොඩක් ආදරණීය වගේම සුන්දර කපල් එකක්, ආකර්ශනීය රුවකට හිමිකම් කියන නදුනි මේ දවස්වල ඉස්කෝලේ ටෙලිනාට්‍ය හරහා දැකගන්න පුළුවන්, ඒ වගේම දිනූශ දිසානායකත් මේ දිනවල ටෙලි නිර්මාණ කිහිපයක් හරහාම දැකගන්න පුළුවන්, ඉතින් කළා ලෝකයේ ඉන්න සුන්දරම කපල් එක එක්කයි අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ,

නදුනි කොහොමද ජීවිතේ, මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි නේද නදුනි ටීච නිසා, ”ජීවිතේ නම් ඉතින් ගොඩක් සුන්දර විදියට ගලාගෙන යනවා, නදුනි ටීචගේ චරිතයට මේ දවස්වල ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා, කොහේ ගියත් මිනිස්සු ආ ආලෝකා ටීච කියලා කතා කරනවා, පොඩි ළමයි තමයි වැඩියෙන්ම මාව අඳුර ගන්නේ, ඉතින් මට හරිම සතුටුයි ඒ ලැබෙන ප්‍රතිචාර දැක්කම”

නදුනි කොහොමද කලාවට සම්බන්ද වෙන්නේ කියන්නකෝ අපිට ඒ ගැන විස්තර ටිකක් ”මම කළා ලෝකයට පය තියන්නේ ටීවී දෙරණ නාලිකාව නිසා, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත අංශයෙන් උසස් අධ්‍යාපන හදාරන කාලයේ තමයි මට රංගනයට ආරාධනා ලැබෙන්නේ ඒ ෆේස්බුක් එකෙන් මගේ පොටෝ එකක් දැකලා, දෙවෙනි ඉනිම නාට්‍යයේ මාලිකා කියන චරිතයට තමයි මම මුලින්ම සම්බන්ද අවෙන්නේ, ඒක පොඩි චරිතයක්, පස්සේ මම පාවෙලා වළාකුලේ ඒවිද අම්මා නාට්‍යයේ ප්‍රධාන චරිතයකට පන පෙවුවා”

ඔයාට දිනූශ මුණගැහෙන්නේ කොහොමද ” දිනූශ මට මුණ ගැහෙන්නේ මම රඟපාන්න එන්න කලින්, ඒ 2015දී වගේ, ෆේස්බුක් එකෙන් තමයි මම මුලින්ම එයාව දකින්නේ අපි දෙන්නම නුවර, ඉතින් ඒ හඳුනා ගැනීම තමයි හම්බවෙලා කතා බහ කරලා, ආදරයක් දක්වා වර්ධනය වුනේ, පාවෙලා වළාකුලේ ඒවිද අම්මා නාට්‍යට අපි සම්බන්ද වුනත් අපි විවාහ වුන අලුතමයි, කලින් අපි දෙන්නම පදිංචි වෙලා හිටියේ නුවර දැන් අපි දෙන්නම කොළඹ ඉන්නේ, දෙන්නම එකම ක්‍ෂේත්‍රයේ නිසා අපිට අපි ගැන හොඳ අවබෝදයක් තියෙනවා ගේ දොර වැඩත් අපි බෙදාගෙන කරන්නේ මම අතුගාන දවසට එයා වලන් සෝදනවා, එයා අතුගාන දවසට මම ඒ වැඩ කරනවා අපි ගොඩක් ආදරෙන් ඉන්නේ,”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *