මම ප්‍රෙග්නට් කියලා දැනගත්තම ක්‍රිශාන්ට ඇඬුනා – ශේෂාද්‍ ප්‍රියසාද්

ප්‍රියසාද් පවුල කියන්නේ ලංකාවේ කළා ලෝකයේ ඉන්න අංක එකේ කළා පවුලක්, ඉතින් මේ කළා පවුලේ ඉන්න දියණියන් තුන්දෙනක්, මේ දියණියන් තුන්දෙනාම කළා ලෝකය ඇතුලේ ගොඩක්ම ජනප්‍රියයි, ඉතින් ඒ ආදරණීය දියණියන් තුන්දෙනා අතරින් වැඩිය සද්දයක් නැති නිහතමානීම දියණිය තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන ශේෂාද්‍රි ප්‍රියසාද් සමග, ඉතින් ශේෂාද්‍රි කොහොමද ජීවිතේ, ”අපේ පුංචි දියණියත් එක්ක මගේ ආදරණීය සැමියා එක්ක ගොඩක් සුන්දර විදියට ගලාගෙන යනවා, ජීවිතේ දවසින් දවස සුන්දරයි”

අපිට දැනගන්න ලැබුනා දිනක්ෂි නිසා තමයි ශේෂාද්‍රි – ක්‍රිෂාන් ආදර කතාව පටන් ගත්තේ කියලා ඇත්තද ඒ කතාව, ” ඒ කතාවේ අත්තක් තියෙනවා, මොකද මම මගේ පලවෙනි විවාහය බිඳ වැටිලා දුකෙන් ඉන්න කාලයේ තමයි දිනක්ෂි අක්කා කිවුවේ ක්‍රිෂාන් එක්ක ටිකක් කතා කරන්න කියලා, ඉතින් එහෙම කතා කරද්දී තමයි අපි අතර සම්බන්දයක් පටන් ගන්නේ, ඒ වෙද්දී ක්‍රිශානුත් ජීවිතේ වෙච්ච සිදුවීම් නිසා ගොඩක් කලකිරිලා හිටියේ, ඉතින් අපි දෙන්නට අපි දෙන්නව තේරුම් ගන්න පුළුවන් වුනා, ඇත්තටම අපි දෙන්නා දෙන්නගෙන් කාටවත් ආදරෙයි කිවුවේ නෑ, යාලු වෙන්න කැමතිද ඇහුවේ නෑ, අපි ගොඩක් කල් යාළුවො වගේ ආශ්‍රය කළා, අපි දෙන්නගේ ආදරේ නිකන්ම ඇතිවුන දෙයක්, ඉතින් ඒ නිසා අදටත් ඒ ආදරේ එහෙම්මයි”

ශේෂාද්‍රි – ක්‍රිෂාන් ඔයාලා දෙන්නම එකම ක්‍ෂේත්‍රයේ නිසා ඒක ඔයාලගේ ජීවිතයට බලපාන්නේ කොහොමද..? ඇත්තටම ඒක අපි දෙන්නට ගොඩක් ලොකු පහසුවක්, මොකද අපි දෙන්නට දෙන්නා ගොඩක් තේරුම් අරගෙන ඉන්නේ, මට ක්‍රිෂාන් ගැන වගේම ක්‍රිශාන්ටත් මගේ රංගනය ගැන ලොකු අවබෝධයක් තියෙනවා, ඒ නිසා අපිට ජීවත් වීම හරිම පහසුයි, ඒ වගේම ක්‍රිෂාන් පැය අටේ රස්සාවක් කරන කෙනෙක්, සංගීත කණ්ඩායමේ වැඩත් එක්ක එයා රැකියාවේ වැඩත් කරනවා,”

අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැනුනම ශේෂාද්‍රි ඔයාට මොකද හිතුනේ, කොහොමද ඒ සුබ පුවත දැනුනේ ”මුලින්ම මගේ ඇඟට පොඩි වෙනස්කම් ටිකක් දැනුනා, ඉතින් මම හෝම් ටෙස්ට් එකක් කරලා බැලුවා, වෙලාවටම ක්‍රිශානුත් එදා ගෙදර හිටියේ, මටම හිතාගන්න බැරි වුනා මොකද කරන්නේ කියලා මම කලපනා කළා මොකද්ද කරන්නේ කියලා, ඊටපස්සේ මම කෙලින්ම ගියේ ක්‍රිෂාන් ගාවට, ගිහින් මම එයාට ටෙස්ට් එක ගැන කිවුවා, එයා එකපාරම කිවුවා ඒක තමයි එයා ජීවිතේ අහපු සතුටුම ආරංචිය කියලා, එයා ගොඩක්ම සතුටු වෙලා හිටියේ ඒ සතුටට එයාට ඇඬුනා, එක තමයි අපේ ජීවිතේ ලස්සන වැඩි කරපු දවද ඒ දවස කවදාවත් අමතක වෙන්නේ නෑ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *