මගෙන් මුලින්ම කැමතිද අහපු කෙනා එක්ක තමයි මම විවාහ වුනේ – නයනා කුමාරි

ඉස්සර පුංචි තිරයට නැතුවම බැරි රංගන ශිල්පිනියක් තමයි නයනා කුමාරි කියන්නේ, දැන් ඇය දකින්න ලැබෙන්නේ ගොඩක් කලාතුරකින්, ඉතින් මේ දවස්වල වැඩිය පේන්න නැති නයනා කුමාරි සමගයි අද අපේ කතාබහ, ඉතින් නයනා කොහොමද මේ දවස්වල ජීවිතේ, ”මේ දවස්වල ඉතින් වැඩියෙන් තියෙන්නේ බැනුම් තමයි, මොකද මම රංගන දායකත්වය දෙන දිවිතුරා නාට්‍යයේ ශානිකා කියන චරිතයට මේ දවස්වල ගොඩක් අය බනිනවා, හැබැයි ඒ අතරේ ඒ චරිතය හොඳට කරනවා කියලා හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා, මේ දවස්වල මම රංගන දායකත්වය දෙන්නේ ඒකට විතරයි”

නයනා දැන් වැඩි අවදානයක් දීලා තියෙන්නේ බිස්නස් වලට නේද..? ”ඔව් දැන් මම සැලෝන් දෙකක්ම කරනවා, තේරුමක් නැති හරයක් නැති චරිත බාරගෙන බොරුවට කාලය කනවට වඩා තමන්ගේ දියුණුව වෙනුවෙන් ව්‍යාපාරයක් කරන එක හොඳයි කියලා මම හිතුවා, අනිත් කාරණය තමයි වෙන කෙනෙක් දාලා මනාලියන්ට අන්දවට වැඩිය කස්ටමස්ලා කැමති මගේ අතින්ම හැඩ වෙන්න, සැලෝන් දෙකට අමතරව මම රූපලාවන්‍ය වැඩමුළු පවත්වනවා ඒකට මම යම් මුදලක් අය කරනවා”

නයනා කොහොමද ඔයාට ඔයාගේ ආදරණීය සැමියා මුණගැහෙන්නේ ”මම මුලින්ම රඟපාන්න එද්දී මගේ වයස 16යි වගේ මතක, ඇත්තම කියනවනම් සුමිත් තමයි මගේ පලවෙනි පෙම්වතා, මම රඟපාපු පලවෙනි නාට්‍යයේ ඇසිස්ටන් ඩිරෙක්ටර තමයි එයා, මම ඉගන ගත්තේ මිශ්‍ර පාසලක, ඉතින් එයා මට ආදරෙයි කිවුවම මට බයක් අමුත්තක් දැනුනේ නෑ, එයා තමයි මගෙන් මුලින්ම කැමතිද ඇහුවේ, අද වගේම එයා ඒ කාලෙත් වැඩ කලේ පරිනත මනුස්සයෙක් වගේ, ඒ වගේම ජීවිතය ගැන ලොකු අවබෝදයක් මම එයා තුලින් ඒ දවස්වල දැක්කා, හැබැයි එයා ආදරෙයි කිවුවම මම කිවුවේ අපේ ගෙදරින් කැමතිද අහන්න කිවුවා, කොහොම හරි අපිට ගෙදරින් කැමැත්ත ලැබුනා, ඊට පස්සේ අවුරුදු 10ක් විතර ආදරේ කරලා තමයි අපි විවාහ වුනේ”

ආදරණීය පුතා දැන් ලොකුයි නේද..? කියන්නකෝ පුතා ගැන විස්තර ටිකක්. ”එයා දැන් හොඳ ඉලන්දාරියා, මේ දවස්වල එයා උසස්පෙළට ලැස්ති වෙනවා, මම වගේම තමයි එයා රඟපාන්න ගොඩක් දක්ෂයි, ඒ වගේම සංගීතයට චිත්‍ර අඳින්න ගොඩක්ම දක්ෂයි, ඒ වගේම හොඳට ඉගන ගන්නවා, මට වඩා එයා එකතු තාත්තා එක්ක, එයා කෙල්ලෙක් දිහා බැලුවත් ඔක්කොම දේවල් එයා කියන්නේ තාත්තට”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *