මගේ බෝයිෆ්‍රෙන්ඩ් ධනවත් ව්‍යාපාරිකයෙක් හැබැයි එයා තමයි මගේ බොඩිගාඩ්

අපේ කළා ලෝකයට කාලෙන් කාලෙට අලුත් මුහුණු එකතු වෙනවා, ඉතින් ඒ වගේම මීට වසර කිහිපයකට කලින් කළා ලෝකයට එකතු වුන රංගන ශිල්පිනියක් තමයි තිවංකා නානායක්කාර කියන්නේ, ඒ ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වුන ‘මිහී’ ටෙලිනාට්‍ය හරහා, ඒවගේම මේ වනවිට ඇය දෙරණ නාලිකාවේම විකාශනයවන ශක්ති ටෙලිනාට්‍ය හරහා ඔයාලට දැකගන්න පුළුවන්, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ සුන්දර රුවකට හිමිකම් කියන දක්ෂ රංගන ශිල්පිනියකවන තිවංකා නානායක්කාර සමග,

තිවංකා කොහොමද රංගනයට සම්බන්ද වෙන්නේ ”මම දෙරණ අවුරුදු කුමරිය තරඟයට ඉදිරිපත්වුනා, ඉතින් මම ඒ තරඟයෙන් දෙවෙනි ස්ථානය දිනාගත්තා, ඊටපස්සේ ඒ තරඟයට සම්බන්ද වුන අයට දෙරණ නාලිකාවේ ටෙලිනාට්‍යවලට තෝරාගන්න තිර පරීක්ෂණ වලට සම්බන්ද වෙන්න මට අවස්තාව ලැබුනා හැබැයි මම නාට්‍යවලට සම්බන්ද වුනේ නෑ, එහෙම කාලයක් යද්දී තමයි මට දැනගන්න ලැබුනේ තුෂාර තෙන්නකෝන් සර් අලුත් ටෙලිනාට්‍යකට අලුත් අය හොයනවා කියලා, ඊටපස්සේ මම ඒ තර පරීක්ෂණයට සම්බන්ද වුනා, ඒකෙන් තේරිලා තමයි මම මගේ පලවෙනි නාට්‍යවන මිහී එක්ක සම්බන්ද වෙන්නේ”

රුපවාහිනී නාලිකාවල තියෙන අවුරුදු උත්සවවලට එන ගොඩක් අයගේ හීනය වෙන්නේ රංගනය නේ, ඉතින් තිවංකාත් නිලියක් වෙන්න හිතාගෙනද අවුරුදු කුමරිය තරඟයට ආවේ. ‘මෙහෙමයි මම පොඩි කලේ ඉඳලම රඟපාන්න ගොඩක් ආසාවෙන් හිටියේ, ඒ වගේම මට අවුරුදු කුමරිය වෙන්නත් ලොකු හීනයක් තිබ්බා, හැබැයි මම අවුරුදු කුමරිය තරඟයට සම්බන්දවුනේ නිලියක් වෙන්න හිතාගේනනම් නෙවෙයි, හැබැයි ඒ තරඟයට සම්බන්ද වුන නිසා මට රංගනයට එන්න ලොකු උදවුවක් වුනා,”

රංගන ක්‍ෂේත්‍රය තරුණියකට සුදුසු තැනක් නෙවෙයි කියලා ඉතින් ඔයාට එහෙම ප්‍රශ්නයක් වෙලා නැද්ද..? ”මෙහෙමයි මම කවදාවත් තනියම ෂූටින් යන්නේ නෑ, මම නිතරම රූගත කිරීම්වලට යන්නේ මගේ අම්මා එක්ක නැත්තන් මගේ බෝයි ෆ්‍රෙන්ඩ් එකක්ක, දැන් ගොඩක් වෙලාවට මගෙත් එක්ක යන්නේ මගේ බෝයිෆ්‍රෙන්ඩ්, ඉතින් ඒ අය එක්ක යන නිසා මට කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ, මොකද මගේ බෝයිෆ්‍රෙන්ඩ් මගේ බොඩිගාඩ් විදියට මගේ ලඟම ඉන්නවා නේ”

ඔයාට ඔච්චර ආදරේ කරන පෙම්වතා ගැන කියන්නකෝ විස්තර ටිකක් ”එයාගේ නම දසුන් සුබසිංහ, එයා ධනවත් ව්‍යාපාරිකයෙක්, අපේ ආදර කතාවට දැන් අවුරුදු හයක් විතර වෙනවා, එදා ඉඳන් අද වෙනක් මගේ හැම වැඩක්ම පිටිපස්සෙන් ඉඳගෙන මට සපෝර්ට් කලේ එයා, මගේ මේ ගමනේ ශක්තිය තමයි එයා, අපි තව අවුරුදු 1-3කින් විවාහ වෙනවා, අපේ සැලසුම් කිහිපයක් තියෙනවා ඒවා සම්පුර්ණ වුනාම අපි විවාහ වෙනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *