දෙවෙනි ඉනිමෙ සම අධ්‍යක්ෂකයි මමයි ලබන අවුරුද්දේ බඳිනවා – ඉස්කෝලේ හිරූශි

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය අතරින් ඉහලින්ම තියෙන ටෙලි නාට්‍යක් තමයි ටීවී දෙරණ නාලිකාවේ විකාශනයවන ඉස්කෝලේ ටෙලිනාට්‍ය, ඉතින් මේ ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත රංගන ශිල්පිනියක් තමයි හිරුෂි පෙරේරා කියන්නේ, ඉස්කෝලේ නාට්‍යයේ අනගිගේ චරිතයට පන පොවන ශිරුෂි ළඟදීම විවාහ වෙන්න යනවා කියලා අපිට දැනගන්න ලැබුනා, ඇය විවාහ වෙන්න යන්නේ කලා ක්ෂේත්‍රයේ කෙනෙකු සමගම කියලත් අපිට දැනගන්න ලැබුනා, ඉතින් අපි මේ කතාවේ ඇත්ත නැත්ත දැනගන්න හිරුෂි එක්ක ටිකක් කතා කරන්න හිතුවා,

ඉතින් හිරූශි කොහොමද මේ දවස්වල වැඩ කටයුතු, ”මේ දවස්වල දිගටම ඉතින් ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ වැඩ තමා, ඉතින් ඒ වැඩ කටයුතු ගොඩක්ම හොඳින් කෙරීගෙන යනවා, කොහොම වුනත් දැන් වගේ නෙවෙයි තව ඉස්සරහට ඉස්කෝලේ නාට්‍යයේ හොඳ හොඳ දේවල් ටිකක් වෙනවා, ඒවත් බලන්න පුළුවන් ටිකක් ඉවසලා ඉන්න,”

රංගන ශිල්පිනියක් වෙන්නේ පොඩි කාලේ ඉඳන් හීනයක් තිබ්බද..? ”රංගන ශිල්පිනියක් වෙනවා කියලා මගේ හිතේ පොඩි හීනයක්වත් තිබ්බේ නෑ, පාසල් ගිහින් ඉවර වෙලා මම වෙනත් ක්ෂේත්‍රයක රැකියාවක් කරනගමන් ඉද්දී තමයි මගේ අම්මා මාව ටීවී දෙරණ නාළිකාවේ අවුරුදු කුමාරි තරගයට අවුරුදු කුමරිය තරඟයට යවන්නේ, අවුරුදු කුමාරි තරගයෙන් ජයග්‍රහණය කළාට පස්සෙ මට රඟපාන්න ආරාධනා ලැබුනා, තිරපරීක්ෂණ කිහිපයකටම ගියාම මම තේරුනා, ඒ විදියට තමයි මම මේ ක්‍ෂේත්‍රයට එන්නේ”

හිරූශි ළඟදීම විවාහ වෙන්න යනවා කියලා ආරංචියක් ආවා ඇත්තද ඒ කතාව ‘ඔව් මම ලබන අවුරුද්දේ විවාහ වෙනවා, එයා කලා ක්ෂේත්‍රයේ වැඩවල නිරතවෙලා ඉන්න කෙ⁣නෙක්, දැම්ම නම කිවුවොත් කිසිම අගයක් නෑ, ඒ නිසා නම කියන්නේ නැතුව මම මෙහෙම කියන්නම් ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය වන දෙවෙනි ඉනිම සහ සංගීතේ ටෙලි නාට්‍යයවල සම අධ්‍යක්ෂවරයා තමයි මගේ අනාගත සැමියා වෙන්න ඉන්නේ, ඒ වගේම අපි දෙන්න ලබන අවුරුද්දේ විවාහ වෙනවා, එයා මාව ගොඩක් තේරුම් අරගෙන ඉන්නේ, එයා කළා ක්‍ෂේත්‍රය ගැන හොඳට දන්නා නිසා විවාහ වුනාට පස්සෙත් මට රඟපාන්න දෙනවා කිවුවා, පවුල් ජීවිතය වගේම අපි දෙන්නගේ වෘත්තීය කටයුතුත් සමබරව කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *