ටෙලිනාට්‍ය හරහා වගේම සිනමාව හරහාත් හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියන්නේ, කාලෙන් කාලෙට විවිද කළා නිර්මාණ හරහා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න උදාරි එක්කයි අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ, උදාරි අපි දකිනවා ඔයා සිනමාවෙන් වගේම ටෙලිනාට්‍ය හරහාත්, ඉතින් උදාරි ඇත්තටම කැමති සිනමාවටද එහෙමත් නැත්තන් පුංචි තිරයටද..? ”මම මුලින්ම සිනමාවට සම්බන්ද වෙන්නේ උදයකාන්ත වර්ණසූරිය මහත්මාගේ සිනමා නිර්මාණයකින්. හැබැයි මාව මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට එන්නේ ටෙලිනාට්‍යකින් ඒ බොඳ මීදුම් ටෙලිනාට්‍යයෙන්, ඉතින් ඒ නිසා මම ටෙලිනාට්‍ය වලට වගේම සිනමාවටත් කැමතියි, හැබැයි ඉතින් ෆිල්ම් එකකින් මාව දකිද්දී මට ලොකු සතුටක් දැනෙනවා”
උදරිට ඉදිරියේදී ලැබුනොත් හොඳයි කියලා හිතෙන රඟපාන්න ආසාවෙන් ඉන්න චරිත මොනවද..? ”පිරිමි කෙනෙක්ගේ චරිතය රඟපාන්න මම ගොඩක් ආසාවෙන් ඉන්නවා, මොකද කාන්තාවක් වෙලා පිරිමි චරිතයක් රඟපානවා කියන්නේ ලොකු අභියෝගයක්, ඒත් මම ගොඩක් ආසාවෙන් ඉන්නේ ඒ වගේ චරිතයක් කරන්න, ඒ වගේම ටිකක් අභියෝගයක් තියෙන චරිත කරන්න මම ගොඩක්ම කැමතියි,”
ඉතින් මේ විදියට හැමෝගෙම අවදානය දිනාගෙන ඉන්න උදාරි පසුගිය දවසක ඇය සම්බන්ද වුන වැඩ සටහනකදී ඇය ගැන කවුරුවත් නොදන්නා කතාවක් කිවුවා ඒ කතාව තමයි මේ ”මම යාළුවො ආශ්‍රය කරන්නේ නෑ, මට මේ ක්‍ෂේත්‍රයේ යාළුවො නෑ, මම වෙඩින් එකකටවත් යන්නේ නෑ, හැබැයි එයාලා මාත් එක්ක තරහා වෙන්නේ නෑ, මොකද ඒ අය දන්නවා මගේ හැටි, ඒ වගේම මම කෝල් ගන්න මැසේජ්වලට රිප්ලයි කරන්න ගොඩක් කම්මැලියි, ඇත්තටම මම හුදකලා වෙච්ච ගැහැනියක් කියන්න පුළුවන්, මම වැඩියෙන්ම කැමති පවුල එක්ක එකට ඉන්න, මම මේකප් කරන්න ආසම නැති කෙනෙක්, නිලියෝ කිවුවම මේකප් කිවුවම මේකප් එක්කමනේ ඉන්නේ, මම ගොඩක්ම කැමති හුදකලාවේ තනියම ඉන්න, මම හිතන්නේ ජනප්‍රියත්වයට ඒක බලපාන්නේ නෑ, සමහර වෙලාවට මම ජනප්‍රිය වෙන්න හේතුවත් ඒක වෙන්න ඇති,
මට එයා හම්බවෙන්නේ මට අවුරුදු 19දී, මම 10දී විවාහ වෙනවා, මගේ අම්මයි තාත්තයි දෙන්නම හරිම සැරයි, අපි මියුසික් වීඩියෝ එකක් කළා ඒ මියුසික් වීඩියෝ එකේ සැක්සෆෝන් වාදනය කලේ මගේ හස්බන්ඩ්, ඒ වෙද්දී එයා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්, මමයි තව ගර්ල් කෙනෙක් හිටියා ඒ වීඩියෝ එකේ, මගෙත් එක්ක හිටපු අනිත් ගර්ල් තමයි මගේ හස්බන්ඩ්ට කැමැත්තෙන් හිටියේ, හැබැයි එයා මට කැමති වුනා, අපේ ගෙදරින් මේ සම්බන්දෙට පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ, මම හිතුවක් කාරවෙලා තමයි විවාහ වුනේ,” කියලයි.