ඔයාලට පේන දේට වැඩිය දෙයක් මගේ ළඟ තියෙනවා – චුලක්ෂි රණතුංග

මීට කාලෙකට කලින් ලෝකේ හොඳම නිරූපිකාව කිරුල දිනාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි චුලක්ෂි රණතුංග කියන්නේ, ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ දේදුනු ආකාසේ සිනමාපටය හරහා රංගනයට පිවිසෙන චුලක්ෂි මේ වනවිට ලංකාව ආදරේ කරන සිනමා නිලියක්, ඒ වගේම වර්ථමානයේ සමාජ ජාලා හරහාත් ජනප්‍රියම චරිතයක් විදියට චුලක්ෂි හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චුලක්ෂි රණතුංග සමග,

ඉතින් චුලක්ෂි මොකද වෙන්නේ, කොහොමද ජීවිතේ ”මේ දවස්වල ජීවිතෙනම් සුන්දර විදියට ගලාගෙන යනවා, නිර්මාණ කිහිපයකට සම්බන්ද වුනා, ඒ වගේම මම රංගන දායකත්වය දුන්න නිර්මාණ කිහිපයක්ම තිරගත වෙන්න තියෙනවා, ඒ වගේම මට තව පිටපත් කිහිපයක්ම ලැබිලා තියෙනවා ඒ වෙනුත් කාලය වෙන් කරගෙන සතුටින් විනෝදයෙන් ඉන්නවා, වෙන කියන්න තරම් විශේෂ දෙයක් නෑ, සාමාන්‍ය විදියට කාලය ගෙවිලා යනවා”

චුල්ක්ෂි දකින්න ලැබෙන්නේ ටිකක් කළාතුරකින් මොකද ඒ..? ”ඒකට ප්‍රධානම හේතුව තමයි මම ලැබෙන හැම නිර්මාණයකටම රංගන දායකත්වය ලබාදෙන්නේ නෑ, චරිතය ලොකුද පොඩිද කියන එක අදාල නෑ, ඒ චරිතය තුල මට නිරුපනය කරන්න තියෙන දේ ගැනයි මම අවදානය දෙන්නේ, මොකද අපේ රංගනයට වටිනාකමක් එකතු වෙන්නේ ඒකෙන්. ඒ වගේම මම එකවගේ චරිතවලට කොටුවෙලා ඉන්න කැමති නෑ. මොකද හැමදාම පෙම්වතියගේ චරිතය කරන්න මම කැමති නෑ. මම කැමතියි අභියෝග බාරගන්න”

රූපය සහ ඔබගේ සුන්දරත්වය පවත්වාගෙන යන්න මොනවද ඔයා කරන්නේ ”මම ඉතින් ඒ වෙනුවෙන් කරන්නේ ජිම් යන එක තමයි, මම රඟපාන්න එද්දී කිලෝ 75ක් බරයි, ජිම් ගිහින් ලොකු කැපකිරීමක් කරලා තමයි අද මම මේ විදියට ඇඟ හදාගෙන ඉන්නේ, මම ආස කෑමක් කන්නේ නෑ, ඇඟ ගැන හිතලා මම ගොඩක් දේවල් කැපකලා, ජිම් යන්න බැරිවුණ දවසට මම ගෙදර ඉඳන් ව්‍යායාම කරනවා, එදිනෙදා ගන්න කැලරි ප්‍රමාණය ගැන මම ගොඩක් සැලකිලිමත්”

ඉතින් මේ විදියට කාගේත් අවධානය දිනාගෙන ඉන්න චුලක්ෂි පසුගිය දවසක අපූරු සටහනක් ඇයගේ සමාජ ජාලා ගිණුමට එකතු කරලා තිබ්බා ඒ, ‘I’m more than just a title Or a comment going viral, There’s more to me than people know’ කියලා, කොහොම වුණත් ඇය ඉන් අදහස් කරලා තිබ්බේ මිනිසුන් දන්නවාට වඩා වැඩි යමක් ඇය තුල තියෙනවා කියලයි, ඒ වගේම අපිට ආරංචි වුන විදියට මේ වෙද්දී චුලක්ෂි ඉන්දියානු සිනමාව සමගත් සම්බන්ද වෙන්න අවස්තාව හිමිකරගෙන, කොහොම වුනත් අපිට ඒ ගැන දැන්ම හරියටම කියන්න බෑ, බලමු අපේ රටේ සුරුපිනියක් ඉන්දියාව හොල්ලයිද කියලා,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *