ලංකාවෙන් බිහිවුන අති දක්ෂ ගායකයෙක් තමයි අතුල අධිකාරි කියන්නේ, කාලෙන් කාලෙට විවිද මාතෘකා හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න අතුල මේ දවස්වල දිවිතුරා ටෙලිනාට්‍ය හරහා දැකගන්න පුළුවන්, ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න අතුල අධිකාරි සමග, ඉතින් අතුල කොහොමද ජීවිතේ මොකද වෙන්නේ ”මේ දවස්වල මම ටෙලිනාට්‍යක් එක්ක සම්බන්ද වෙලා ඉන්නවා, ඒ වගේම අලුත් ගීතයක් කළා, තර නිර්මාණ කිහිපයක්ම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා, ඕවා තමයි ඉතින් අලුත් තොරතුරු ”
අතුල හෙක්ටට් අලුත් ගීතය ගැන ගොඩක් අය කතාවෙනවා, පිරිමි දෙන්නෙක් ඩුවට් කරනවා අඩුයි ඉතින් මොකද මේ ගැන හිතන්නේ, ”ඇත්තටම ලංකාවේ දී නම් පිරිමි හඬවල් දෙකක් ඇහෙනවා අඩුයි, මමත් ගොඩක් වෙලාවට ඩුවට් කරන්නේ මගේ කලින් බිරිඳ සමිතා එක්ක විතරයි, මේක හෙක්ටර්ගේ අදහසක්, එයා මගෙන් ඇහුවට පස්සේ මම එයාට ඕකේ කිවුවා, මොකද අපි දෙන්නම පැති දෙකක අය, ඒ වගේම අපි පැති දෙකකින් ජනප්‍රියයි, ඉතින් ඒ නිසා අපි දෙන්නා මේ ගීතය කළා,
ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් විදියට කොහොමද මේ දවස්වල ප්‍රසංගවල එහෙම වැඩ කටයුතු ”කොවිඩ් එක ආවත් එක්ක ලංකාවේ හැම ගායකයෙක්ටම ප්‍රසංග ලැබුනේ නෑ, ඒ නිසා සෑහෙන පසුබෑමකට ලක්වුනා, ඊටපස්සේ අරගලේ පටන් ගත්තා, හැබැයි දැන් ප්‍රසංග තියෙනවා, මම පහුගිය කාලයේ ප්‍රසංග දෙකතුනකටම සම්බන්ද වුනා, ඒ ප්‍රසංග වලට පුදුමාකාර සෙනගක් ඇවිත් හිටියේ, මොන ප්‍රශ්න තිබ්බත් මිනිස්සු ඔලුව නිදහස් කරගන්න ප්‍රසංගවලට සම්බන්ද වෙනවා,”
දැන් දිගටම රන්ගපාන්නද හිතාගෙන ඉන්නේ, ”ගායන එක්ක බැලුවට පස්සේ රංගනය කියන්නේ ටිකක් කාලය වැයවෙන වැඩක්, මොකද රංගනයේදී හරියට කාලය නාස්ති වෙනවා, එහෙම බැලුවම රංගනයට වඩා ගයන අංශයේ ඉන්න එක මට පහසුයි, බොරු කියන්න ඕන නෑ මට දිගටම රංගනයේ ඉන්න අදහසක්නම් නෑ,”
අතුල ළඟදී යුග ගීතයක් කරන්න එහෙම අදහසක් නැද්ද..? ”තියෙනවා මම හිතාගෙන ඉන්නේ ළඟදීම සමිතා එක්ක යුග ගීතයක් කරන්න, ඒකට සමිතාගේ අලුත් පෙම්වතත් කැමැත්ත දීලා තියෙන්නේ, මම ලබන අවුරුද්දේ ඒකෙ වැඩ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා, ඒ වගේම මගේ දුව එක්කත් සින්දුවක් කරන්න බලාප්රෝත්තුවෙන් ඉන්නේ, ඒකනම් මේ දවස්වල නිර්මාණය කරගෙන යනවා”