ලංකාවේ කළා පවුල් අතරින් වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන ඉන්න කළා පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ, ඉතින් මේ කළා පවුලේ වැඩිම අවධානයක් දිනාගෙන ඉන්න ආදරණීය දියණිය තමයි දිනක්ෂි ප්‍රියසාද්, චිත්‍රපට, ටෙලිනාට්‍ය, දැන්වීම් කලාව, නිවේදනයට වගේම ඇය හඬකැවීම කියන අංශයටත් ගොඩක් දක්ෂයි, 1990 වසරේ මාර්තු 10වන දින උපන් දිනක්ෂි ප්‍රියසාද්ගේ වර්තමාන වයස අවුරුදු 32ක් වනවා, 2000 වසරේ දී කළා ක්‍ෂේත්‍රයට සම්බන්දවෙන දිනක්ෂි මේ වනවිට ලංකාවම ආදරේ කරන චරිතයක්, ඒ වගේම දිනක්ෂි කියන්නේ කා එක්කත් සුහදශීලීව කතා කරන ආදරණීය චරිතයක්, ඉතින් අපි අද කතා කරන්න යන්නේ ඔබත් මමත් ආදරේ කරන දිනක්ෂි ප්‍රියසාද් ගැන,
දිනක්ෂි කළා නිර්මාණ හරහා අපි ඔබව නිතරම වගේ දකිනවා, එහෙමත් නැත්නම් සමාජ ජාලා හරහා හෝ ඔබ ගැන නිතරම කතා කරනවා, ඉතින් කළා නිර්මාණ අතරින් ඔබට තදින්ම දැනුන කළා නිර්මාණයක් තියෙනවද මොකද්ද ඒ, – මෙහෙම මගේ ජීවිත කාලේ මට දැනුන මාව අඬවන්න තරම් මාව සංවේදී කරපු නිර්මාණ ගොඩක් තියෙනවා, හැබැයි ඒ නිර්මාණ අතරින් මම ගොඩක් ආදරේ කරන සිනමාපටයක් තමයි දැනට දශක කීපයකට කලින් 1966 වසරේ දී ගාමිණී ෆොන්සේකා මහතා නිෂ්පාදනය කරපු පී.කේ.ඩී. සෙනෙවිරත්න මහතා තිර රචනා කරපු ‘පරසතු මල්’ කියන සිමනාපටය, මම ආස කරන නිර්මාණ අතරින් ආසම එක තමයි ඒ, ඒ කතාවට වගේම ඒ තේමාවට මම හරිම ආසයි,”
දිනක්ෂි විවාහ වෙලා ඉන්නේ කළා ලෝකයේ දැන්වත රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර සමග, ඉතින් පසුගිය දවසක සාරංග දිනක්ෂි සහ ඔවුන් දෙදෙනාගේ ආදරණීය දියණිය සමග සිටීම පිංතූරයක් සමාජ ජාලා ගිණුමට එකතු කරලා තිබ්බා, ඉතින් ඒ පින්තූරයට සාරංගගේ සහ දිනක්ෂිගේ රසිකාවියක් දාලා තිබ්බ කමෙන්ට් එකක් ගැන පසුගිය දවස්වල හැමෝම කතාවෙන්නේ පටන් ගත්තා ඒතමයි ‘අම්මා, ඔයා දැන් කොටට අඳින්න එපා අම්මා, මම ඉන්නවනේ දැන්’ කියලා, කොහොම වුනත් මේ කමෙන්ට් එකට සාරංගට ටිකක් තරහා ගිහින් ඉතින් ඒ නිසා සාරංග අපූරු පිළිතුරක් දීලා තිබ්බා මේ රසිකාවිට ඒ තමයි ”මගේ දරුවට කතා කරන්න පුළුවන් කාලෙකවත් ඔය වගේ ලිං මැඩි කතා කියන්න උගන්නන්නේ නෑ” කියලා,
ඉතින් මේ සිදුවීම දැකපු සාරංගගේ සහ දිනක්ෂිගේ ආදරණීය රසිකාවියක් හරිම අපූරු සටහනක් සමාජ මාධ්‍යට එකතු කරලා තිබියදී අපිට හමුඋනා ඒ තමයි ”ඇයි අම්මා කෙනෙක් උනාම කොටට අදින්න හොද නැද්ද..? සමහරක් මිනිස්සු තමන් විසින්ම තමන්ට එක එක නීති දාගෙන ජීවත් වෙන ගමන්, තමන් විසින්ම ඒ දාගන්න නීති වලට අනුව අනිත් අයත් ජීවත් වෙන්න ඕන කියන මානසිකත්වයක් හදන් ඉන්නවා. අපි ජීවත් වෙන්නේ බොහොම පොඩි කාලයයි. ඒ පුංචි ජීවිතේ තමන්ට ඕන විදියට, ලස්සනට හරියට ජීවත් වෙනවා නම් එච්චරයි. වටේ ඉන්න මිනිස්සුන්ට ඕන විදියට අපි මොකටද ජීවිතේ ගත කරන්නේ. මේක අපේ ජීවිතේ – අපි ජීවත් වෙන්නේ අපිට ඕන විදියට. එහෙම නැතුව වටේ ඉන්න අයට ඕන විදියට නෙමෙයි.” කියලා, ඉතින් මේ කතාව ගැන ඔයාලට හිතෙන්නේ මොකද්ද,