වේදිකාවෙන් සිනමාවෙන් වගේම ටෙලිනාට්‍ය හරහාත් ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න සමත්වුණ ආදරණීය රංගන ශිල්පිනියක් තමයි උදයන්ති කුලතුංග කියන්නේ, කාලයක් මාද්‍යවල පුවත් මවපු චරිතයක් වුන උදයන්ති සමගයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ, උදයන්ති දැන් වැඩිය පෙන්න නෑ ඇයි ඒ – ප්‍රධානම හේතුව මෙගා, මොකද මම මෙගා නාට්‍යවල රඟපාන්න කැමති නෑ, අපි මේ ක්‍ෂේත්‍රයට ආව මුල් කාලයේ ටෙලිනාට්‍යක කොටස් තිබ්බේ 45යි උපරිම 50යි, ඒ වගේම පිටපත්වල මුල මැද අග, හරියටම තිබ්බා, හැබැයි දැන් හැදෙන නිර්මාණවල එහෙම කිසිම දෙයක් නෑ, අද මෙගා නාට්‍ය එක්ක රඟපාන්න අමාරුයි,ඒ නිසා මම චරිත බාරගන්නේ නෑ”
ඔයාට අලුත් රංගන ශිල්පිනියන් අභියෝගයක් වෙන්නේ නැද්ද..? – අපි රංගනයට ආව කාලෙට වඩා දැන් කාලය වෙනස්, දැන් ගොඩක් කට්ටිය සමාජ මාධ්‍ය හරහා මේ ක්‍ෂේත්‍රයට ඇවිත් ජනප්‍රිය වෙන්න ට්‍රයි කරන අය වැඩියි, හැබැයි ඒ අතරේ චරිතාංග රංගන ශිල්පිනියන් වෙන්න උත්සහ කරන ධක්ෂ අයත් ඉන්නවා, මගේ ළඟ අලුත් පරණ කියලා බෙදීමක් නෑ, මම හැමෝම එක්ක ගොඩක් හිතවත්, මම කාලෙට ගැලපෙන විදියට වෙනස්වෙන කෙනෙක්, ඒ නිසා මට අලුත් අය එන එක ප්‍රශ්නයක් වෙලා නෑ,
විවාහයෙන් පස්සේ උදයන්ති පෙන්න හිටියේ නැත්තේ සැමියාගෙන් එල්ලවුණ බලපෑම් නිසාද..? – නැහැ මගේ සැමියා මට කිසිම විදියටකට බලපෑම් කරන්නේ නෑ, එයා හිතන දෙයක් තමයි කෙනෙක්ගේ හැකියාවකට දක්ෂතාව්‍යකට තහංචි දාන එක වැරදියි කියලා, මම දකින්නෙත්එහෙමයි , නිලියක් කසාද බැන්දා කියලා හැම හස්බන්ඩ් කෙනෙක්ම මම ඒ නිළියගේ හැකියාවට් තහංචි දැම්මොත් දැන් අපේ රටේ රංගන ශිල්පිනියන් නෑ, එහෙම නැත්නම් ඉන්න අයට බඳින්න වෙන්නේ නෑ, මම දැන් මගේ පවුලට වැඩි අවධානයක් දීලා ඉන්නේ, එහෙම නැතුව රංගනයෙන් සමු අරන් නෙවෙයි”
රංගනය තුල උදයන්තිගේ අනාගත බලාපොරොත්තු මොනවද..? – අද වනවිට උදයන්ති කුලතුංග කියන නම ඇහුන ගමන් මිනිස්සු තුල තියෙන්නේ වැරදි වැටහීමක්, ඉතින් මගේ රංගනය තුල අනාගත බලාපොරිත්තුව තමයි හොඳ නිර්මාණයක් තුලින් උදයන්ති කියන්නේ කවුද කියලා ප්‍රේක්ෂකයන්ට කියලා දෙන්න, නිර්මාණවලට සම්බන්ද නොවී හැංගිලා ඉන්න මම කැමති නෑ, මට ඕන ආදරණීය විදියට ප්‍රේක්‍ෂකයන්ට සමීප වෙන්න