ගායන ශිල්පිනියක විදියට ලංකාවේ ගායන ලෝකය ආක්‍රමණය කරපු ධක්ෂ ගායිකාවක් තමයි කේ.සුජීවා කියන්නේ, ඒ වගේම සුජීවා කියන්නේ දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය මවක් ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න කේ.සුජීවා සමග, ඉතින් කොහොමද සුජීවා මේ දවස්වල මොකද වෙන්නේ ”මේ දවස්වල ප්‍රසංග වලට සම්බන්ද වෙනවා, ඒ වගේම දුවලා දෙන්නගේ වැඩ වලට පුළුවන් විදියට උදවු කරනවා, ඒ වගේම තව ගීතයක් නිර්මාණය කරන්න සුදානම් වෙනවා, ඒ ගැනත් තමයි දැන් විශේෂම අවධානය දීලා තියෙන්නේ”
සුජීව යන යන හැම තැනකටම දුවලා දෙන්නා රෝස් හා අංජලී එක්කන් යනවා නේද..? ”ගොඩක්ම වෙලාවට මම මගේ වැඩ වලට එක්කගෙන යන්නේ ලොකු දුව අංජලී, හැබැයි ඉතින් රෝස් ගෙදර තනියම තියලා යන්න බෑ මොකද එහෙම වුනොත් අපි දෙන්නා ආයේ එද්දී එයා ගේ අනිත්පැත්ත හරවලා තියාවී, ඒ වගේම එයා තනියම ඉන්න බයයි, ඒ නිසා යන තැනකට අපි තුන්දෙනාම යන්නේ එකට, හැබැයි මේ ළඟදී ඉඳලා අපි ඒක වෙනස් කළා, මේ ළඟදිත් මම රෝස්ව වැඩසටහනකට ගිහින් ඇරලලා කිවුවා තනියම වැඩක් කරගන්න ඉගන ගන්න කියලා, ඒ වගේම එක එක අය කියන දේවල් අහන්නේ නැතුව ඔයා ඔයා විදියට මුහුණ දෙන්න කියලා දැන් මම මගේ ළමයි දෙන්නම තනියම දේවල් වලට හුරුකරනවා”
පහුගිය කාලේ සුජීවා ආදරය නිසා ගොඩක් අපහසු තාවයට පත්වුනා නේද..? ”මෙහෙමයි මම මගේ ජීවිතේ කාටවත් කිසිම චෝදනාවක් කරන්නේ නෑ, හැබැයි මම මගේ ජීවිතේ වෙච්ච දේවල් ගැන කිවුවා, ඉතින් සමහර අය ඒක තමන්ට කිවුවේ කියලා වද්ද ගත්තා, මම ප්‍රතිපත්ති තියෙන කෙනෙක්, ඉතින් මම කවදාවත් මගෙත් එක්ක එකට ඉඳලා බත්කටක් කාලා ගියපු කෙනෙක්ට, මගෙන් එක වේලක් හරි කාලා තියෙන කෙනෙක්ට කවදාවත් අපහස කරන්නේ නෑ, මම කවදාවත් ඒ වගේ පහත් තත්වයට වැටෙන්නේ නෑ,
පහුගිය කාලයේ මේ ගැන මාද්‍ය හරහා ගොඩක් කතක් වුනා, හැබැයි ඒකෙන් මට ලොකු හානියක් වුනේ නෑ, සමාජ මාධ්‍ය හරහා මොනවා කිවුවත් මට ඒවා අදාලම නෑ, මම ගායිකාවක විදියට මගේ රසික රසිකාවියන්ට මගේ නිර්මාණ ගැන විස්තර කියනවා, ඊට අමතරව මම වෙන මොනවත් මාධ්‍ය එක්ක කතා කරන්න යන්නේ නෑ, මගේ පුද්ගලික ජීවිතේ මම කාටද ආදරේ කරන්නේ මම මොනවද කරන්නේ මම යන්නේ කොහෙද වගේ දේවල් වලට කාටවත් උත්තර දෙන්න මම බැඳිලා නෑ”