ගොඩක් අය හිතාගෙන ඉන්නේ මම ශලනිගේ නිවුන් සහෝදරිය කියලා – කස්තුරි

වර්ථමානය වනවිට ලංකාවේ නැගී එන රංගන ශිල්පිනියන් අතරින් ඉහලින්ම ඉන්න රංගන ශිල්පිනියක් තමයි කස්තුරි ජයවර්ධන කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ඉතින් සක්තුරි පහුගිය කාලේ මොකද කලේ ”පහුගිය කාලයේ නීල පබළු ටෙලි නාට්‍යය එක්ක සම්බන්ද වෙලා හිටියා, ඒත් එක්කම මට අලුත් නිර්මාන කිහිපයකටම ආරාධනා ලැබුනා, ඒ වගේම මම රංගන දායකත්වය ලබා දුන්න නිර්මාණ කිහිපයක්ම විකාශනය වුනා, තව නිර්මාණ කිහිපයක්ම විකාශනය වෙන්න තියෙනවා”

කස්තුරි කොහොමද රංගන ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ, ”මෙහෙමයි මගේ ගම මහියංගනය, පොදිකාලයේ මගේ හිතේ රංගන ශිල්පිනියක් වෙන්න කිසිම හීනයක් තිබ්බේ නෑ, එහෙම ඉද්දී තමයි මම දෙරණ අවුරුදු කුමරිය තරඟයට සම්බන්ද වෙන්නේ, ඒ තරඟය හරහා ගොඩක් අය මාව අඳුන ගන්නවා, ඊටපස්සේ තමයි රංගනයට එන්න අවස්තාවක් ලැබෙන්නේ, මගේ දක්ෂතා දැකලා මාව මුලින්ම ටෙලිනාට්‍යකට සම්බන්ද කලේ නාඩගම්කාරයෝ නාට්‍යයේ කවඩිගේ චරිතයට පනපෙවුව සංගීත් ප්‍රභූ අයියා, එහෙම තමයි මම රංගනයට සම්බන්ද වෙන්නේ”

කස්තුරි චරිත තෝරාගන්නේ කොහොමද..? ”නැහැ මම මට ලැබෙන චරිත ගොඩක් තෝරලා බේරලා තමයි තෝරාගන්නේ, මම ඒ චරිතයේ ස්භාවය චරිතයේ විලාසිතා, ඇඳුම් පැළඳුම් ගැනත් ගොඩක් සැලකිලිමත් වෙනවා, මම ගමක හැදුන කෙල්ලෙක්, ඉතින් මම හැම දෙයක් ගැනම ගොඩක් පරිස්සම් වෙනවා, ආයේ ගමට යන්න බැරිවෙන විදියේ වැඩ මම කරන්නේ නෑ, හොඳ හැදෑරීමක් කරලා තමයි චරිත තෝරාගන්නේ,”

ගොඩක් අය කියනවා කස්තුරි ලංකාවේ වර්තමාන නිලි රැජිනවන ශලනි තාරකා අනුකරණය කරනවා කියලා ඇත්තද ඒ..? ”මෙහෙමයි ශලනි අක්කගේ පෙනුම මගේ පෙනුමට සමානයි කියලා ගොඩක් අය කියනවා, සමහරු හිතාගෙන ඉන්නේ මම ශලනි තාරකාගේ නිවුන් සහෝදරිය කියලා, අග්නි පියාපත් නාට්‍යයේ ශලනි අක්කා රඟපෑව චරිතයට පසුකාලයේ මාව තෝරාගෙන තියෙන්නේ මගේ පෙනුම ඒ වගේ නිසා, හැබැයි මම හැම වෙලාවේම උත්සහ කරන්නේ මම මමම වෙන්න, මගේම අනන්‍යතාවයක් ගොඩ නඟාගන්න, මම ශලනි අක්කට ආසයි, හැබැයි එයාව අනුකරණය කරන්නේ නෑ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *