නිලියන් වුනේ නැත්නම් මම දැන් කසාදයක් බැඳලා ළමයෙකුත් හදාගෙන සැපේ ඉන්නවා – නයෝමි

වේදිකාව තුලින් රංගනයට පිවිසිලා බොහොම කෙටි කාලයක් ඇතුලත ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දිනාගන්න සමත්වුණා රංගන ශිල්පිනියක් තමයි නයෝමි තක්‍ෂිලා කියන්නේ, මේ දවස්වල නයෝමි සිරස නාලිකාවේ විකාශනයවන ‘නීල පබළු’ නාට්‍යයේ පූජා ගේ චරිතය හරහා ඔබට දැකගන්න පුළුවන්, ඉතින් අපි අද කතාකරන්න සූදානම් වෙන්නේ නයෝමි තක්ෂිලා සමග, නයෝමි ඔබට ලැබෙන්නේ වෙනස්ම චරිත නේද..? ”ඔව් මට ලැබෙන්නෙම වෙනස්ම චරිත, හැබැයි ඇත්තටම ඒක ලොකු වාසනාවක්, අපේ වයසත් එක්ක සාමාන්‍යයෙන් රංගන ශිල්පිනියකට ලැබෙන්නේ සීනිබෝල පෙම්වතියගේ චරිතය ඉතින් එහෙම බලද්දී මම හරිම වාසනාවන්තයි, මම සීනි බෝල චරිත වගේම මෙගා නාට්‍යවල චරිතාංග චරිතත් ලැබිලා තියෙනවා,”

නයෝමි දැන් රංගන වැඩ සීමා කරලද ඉන්නේ, ”නැහැ මම සීමා කරලා නෑ, හැබැයි මම ලැබෙන හැම නිර්මාණයක්ම මම බාරගන්නේ නෑ, මම දැනට නිර්මාණ කිහිපයකට රංගන දායකත්වය ලබාදීලා තියෙනවා, හැබැයි අට වේදිකා නාට්‍ය මගහැරිලා තියෙනවා, ඒ වගේම තව නාට්‍ය කිහිපයකම රූපගත කිරීම් කරලා ඉවරයි ඒවා ඉදිරියේදී විකාශනය වේවි, මම කොහොම වැඩ බාරගන්නේ පිටපත කියවලා ඒ රංගනය තුල යමක් කරන්න තියෙනවනම් විතරයි, ඒනිසා වෙන්න ඇති මම වැඩිය පේන්න නෑ වගේ දැනෙන්නේ”

රංගන ක්‍ෂේත්‍රයට සම්බන්දවුන එක ගැන මොකද හිතෙන්නේ ”රංගනය කියන දේ දක්ෂතාව තිබ්බත් ලස්සන රුපයක් තිබ්බත් හැමෝටම හම්බවෙන්නේ නැති අවස්තාවක් ඉතින් අද මට මේ ලැබිල තියෙන අවස්තාව ගොඩක් උතුම් දෙයක් විදියට මම සලකනවා, ඒ වගේම මම මේ කළා ක්‍ෂේත්‍රයට ගොඩක් ගරු කරනවා, ඉස්සරහටත් මගේ ගරුත්වය රැකගෙන හොඳ වැඩවලට සම්බන්ද වෙලා ඉන්නයි මගේ කල්පනාව”

නයෝමි රඟපාන්න ආවේ නැත්තන් මොනවා වෙයිද..? ”මම කොළඹ කෙල්ලෙක් නෙවෙයි මම නෙල්ලිකුලම කියන ගමේ හැදුන වැදුන කෙනෙක්, දැනටත් මට ස්ථිර පදිංචියක් නෑ, මම ගමේ යනවා කොළඹ එනවා, එහෙමතමයි මගේ ජීවිතේ ගෙවෙන්නේ, හැබැයි මම රංගන ක්‍ෂේත්‍රයට සම්බන්ද වුනේ නැත්නම් නෙල්ලිකුලම ගමට වෙලා කසාදයකුත් බැඳගෙන ළමයෙකුත් හදාගෙන ගමට වෙලා ඉඳීවි, වෙන මොනවා වෙන්නද”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *