අපේ කලාව වෙනස්ම මානයකට අරගෙන යන්න සමත්වුණ හරිම අපූරු ටෙලිකතා මාලාවක් තමයි ජයන්ත චද්‍රසිරි මහතා විසින් නිර්මාණය කල ‘නන්නත්තාර; ටෙලි කතා මාලාව, ඉතින් හැමෝම ආසාවෙන් නරඹන මේ ටෙලි කතා මාලාවේ කාගේත් අවධානය දිනාගන්න සමත්වුණ අලුත් මුහුණක් ඉන්නවා, ඇය නමින් වින්ද්‍යා දෙගල්දොරුව. ඇය ඉතාමත් ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකි. ඇයගේ රංගනයෙන් වශී කර ගත් බොහෝ පිරිසක් අද ඇයගේ නිර්මාණ හරහා එකතු වී තිබෙනවා. ඉතින් අද අපේ කතා බහට එකතු කරගෙන ඉන්නේ ඔයාලා හැමෝම මේ වස්වල වැඩියෙන්ම හොයන වින්ද්‍යා දෙගල්දොරුවයි,
ඉතින් වින්ද්‍යා කියන්නකෝ බලන්න ඔයා ගැන විස්තර ටිකක්, ”මම මහනුවර, වටපුළුවේ, අපේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගියි මමයි, ඒ වගේම මම හැදී වැදුනේ නුවර කන්‍යාරාම පාසල, ඒ වගේම මමයි නංගියි දෙන්නම ගියේ නුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්යාලයට, තාත්තා ගොඩක් හිටියේ විදේශ ගතවෙලා, ඒ නිසා අපි වැඩි කාලයක් හිටියේ හොස්ටල්වල, කොහොම වුනත් පහුගිය කාලයේ අපි හැමෝම ලංකාවේ හිටියේ නෑ ළඟදී තමයි අපි ලංකාවට ආවේ”
වින්ද්‍යා ඔයා පාසල් කාලයේ මොන වගේ චරිතයක්ද..? ”මම පාසල් කාලෙයේ අධ්‍යාපනයට වගේම විෂය භාහිර වැඩ වලටත් ගොඩක් සම්බන්ද වුනා, ඉතින් ඒ නිසා මම පාසල් කාලයේ හිටපු ජනප්‍රියම චරිතයක්, විශ්ශයෙන්ම සංගීත අංශයෙන් තමයි මම වැඩියෙන්ම ජනප්‍රිය වෙලා හිටියේ, පාසලේ තුර්යවාදක කණ්ඩායමේ නායිකාව වගේම සංස්කෘතික කණ්ඩායමේ සභාපති විදියටත් කටයුතු කළා, ගුරුවරු මට ගොඩක් උදවු කළා සංස්කෘතික අංශයෙන් ඉදිරියට යන්න, ඒත් අම්මට තාත්තට ඕන වුනේ මාව පොතපතේ අධ්‍යාපනයට යොමු කරන්න”
වින්ද්‍යා නැවත විදේශගත වෙනවද..? ”ඔව් මම හිතාගෙන ඉන්නේ ආයේ විදේශගත වෙලා ආයෙමත් ගුරු වෘත්තිය කරන්න, හැබැයි මට හිතෙනවා මගේ ඒ අදහස වෙනස්වෙයි කියලාම මොකද මම දැන් හරිම සතුටින් ඉන්නේ, එහෙම දෙයක් මට කලින් දනිලම නෑ, කලාව කියන්නේ මගේ හදවසතට ගොඩක්ම සමීප දෙයක් ඉතින් ලංකාවට වෙලා මම ආදරෙන් වැළඳ ගත්තා බලමු බොහෝදුරට මම යන්නේ නැතිවෙයි, හැබැයි කියන්න බෑ හිතුනොත් මම රට යනවා”