අපේ කළා ලෝකයේ ඉන්න වර්තමාන නිලි රැජින විදියට හඳුන්වන්න පුළුවන් සුන්දර රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ, කාලෙන් කාලෙට විවිද චරිත හරහා ඔබේ ආදරය දිනාගත්ත ඇය සම්මාන පිට සම්මාන ලබාගත් අති දක්ෂ රංගන ශිල්පිනියක්, මේ දවස්වල සිරස නාලිකාවේ විකාශනයවන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍ය හරහා ඔයාලට ශලනි තාරකාව දැකගන්න පුළුවන්, ඉතින් ලංකාවේ වර්තමාන නිලි රැජින එක්ක ඔයාලා වෙනුවෙන් ටිකක් කතාකරන්නයි දැන් අපි සුදානම් වෙන්නේ,
ඉතින් ශලනි කොහොමද මේ දවස්වල කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයේ වැඩ කටයුතු, නිර්වාන්ට ස්නේහා අයිති වේවිද..? ”වැඩ කියන්නේ ඉතින් උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයේ වැඩ ටික කරගෙන යනවා, ඉදිරියේදී මීට වඩා තව වැඩ ටිකක් බලන්න පුළුවන් වෙවී, නිර්වාන්ට ස්නේහා අයිතිවෙවිද නැද්ද කියාඅ දැම්ම හරියට කියන්න බෑ මොකද මේ වෙද්දී නිර්වාන්ට කෙනෙක් ඉන්න ඉසා ස්නේහා හිත හදාගෙන නේ ඉන්නේ, අපි ඉතින් බලාගෙන ඉමු මොකද්ද වෙන්නේ කියලා, හැබැයි පුංචි ඉඟියක් දෙන්නම් ඔයාලා හිතන්නෙවත් නැති දෙයක් තමයි වෙන්නේ ඉදිරියේදී”
ශලනි හැමෝම දන්නවා ඔයා කළා ක්‍ෂේත්‍රයට ආවේ රස කුමරිය වැඩසටහනෙන්, ඒ වගේම පජන්ට්වලින් සහ අවුරුදු කුමරිය තරඟ ජයග්‍රහණය කරලා හැමෝටම රංගන ශිල්පිනියන් වෙන්න පුලුවන්ද..? ”මෙහෙමයි මේ වෙද්දී ඕනෑම කෙනෙක්ට පැජන්ට්වලින් සහ අවුරුදු කුමරිය තරඟවලින් රංගන ක්‍ෂේත්‍රයට එන්න පුළුවන්, හැබැයි ඒ එන කෙනාගේ පැවැත්ම තීරණය කරන්නේ එයා තුල තියෙන රංගන හැකියාව, ඒ වගේම උනන්දුව සහ කැපවීම, උදාරණයක් විදියට මාව ගන්නකො මම ආවෙත් රියැලටි තරඟයකින් හැබැයි රංගනය තුල මගේ හැකියාව ගොඩනගා ගන්නේ නැතුව හිටියනම් මගේ ගමන උනත් අතරමගදී නතර වෙන්න තිබ්බා, ඒ නිසා කැපවීමක් කරන්නම වෙනවා,”
ශලනි කියන්නේ සුන්දර තරුණියක් ඒ වගේම තමයි තරුණ ආකර්ෂණය වැඩියෙන් ලැබෙන තරුණියක් ඉතින් ශලනි දැම්ම විවාහ වෙන්න අදහසක් නැද්ද..? ”තරුණ ආකර්ෂණය ලැබෙනවා කියලා අපිට හදිස්සි තීරණ ගන්න බෑ, මොකද මට ඕන මාව අත්හරින්නේ නැති ආදරයක්, මටත් හිතෙනවා දැන් මට විවාහ වෙන්න සුදුසු කාලය ඇවිල්ලා කියලා, ඉතින් මම ළඟදීම ඒ ගැන තීරණයක් ගන්නවා, මොකද හැමදාම මෙහෙම ඉන්න බෑ නේ, දැම්ම වැඩිය විස්තර කියන්න ඕන නෑ ඒ ගැන අපි ඉතින් බලාගෙන ඉමු නේද..?”
ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන අසීමිත ආදරේ ගැන ශලනි ඔයාට හිතෙන්නේ මොනවද..? ”අපි කරන රඟපාන චරිත, අපේ නිර්මාණ රසිකයින් වැළඳගන්න විදියට තමයි එක තීරණව වෙන්නේම ඉතින් මම අද මේතරම් දුර ඇවිල්ලා තියෙන්නේ මම රඟපාපු චරිත ආදරණීය ප්‍රේක්ෂයින් ගොඩක් ආදරෙන් වැළඳ ගත්ත නිසා, ඒ ආදරේ තමයි මෙතක් කාලෙකට මට ලැබිලා තියෙන මිල කරන්න බැරි වටිනාම සම්මානය, ඉතින් මට ලැබෙන ඒ ආදරේ ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා”