මගේ වැරද්දක් නිසා තමයි දික්කසාද වෙන්න වුනේ , ලිවින් ටුගෙදර් තිබ්බනම් මේ ප්‍රශ්න නෑ – මේධා

රංගන ලෝකයට පායපු තරු අතරින් ජනතා ආදරේ එදා ඉඳන් අද වෙනකන් එකසමානව දිනාගන්න සමත්වුණ සුන්දර තාරකාවක් තමයි මේධා ජයරත්න කියන්නේ, පුවත් නිවේදිකාවක් විදියට කලාවට සම්බන්ද වෙන මේධා, නිවෙධික භූමිකාව අභිභවා යමින් ලංකාවේ අංක එකට ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතරට ඉතාම පහසුවෙන් එකතු වෙනවා, ඒ වගේම තමයි ඇයගේ ජනප්‍රියත්වය නිසාම හැමෝම ඇය ගැන ගොඩක් අවධානයෙන් ඉන්නේ, ඒ වගේම ඇය කරන කියන හැම දෙයක්ම ඉතාම ඉක්මනින් සමාජ ජලා හරහා වයිරල් වෙනවා, ඉතින් අද අපේ කතාබහට එකතු කරගත්තේ ඔබත් මමත් හදවතින්ම ආදරේ කරන මේධා ජයරත්නයි,

මේධා කොහොමද මෙච්චර ලස්සන වෙලා තියෙන්නේ, ”මෙහෙමයි මම මේ විදියට වෙනස් වෙන්න පටන් ගත්තේ කොරෝනා කාලේ, ඒ කාලේ හැමෝම කලේ කෑම හද හද ෆේස්බුක් දාන එක, ඒ වගේම ගෙවතු වගා කර කර ෆේස්බුක් දාන එක, ඉතින් මම ඒ කාල් කලේ ගෙදර ඉඳන් ව්‍යායාම කරලාඇඟ හදාගත්ත එක, මම ඒ කාලේ ජිම් ගියේ නෑ, මම කලේ හෝම් වර්කවුට් කරපු එක, ඉතින් එහෙමතමා මේ වෙනස වෙන්නේ, මට දැන් වයස 40ට වැඩියි, ඉතින් මගේ වයසේ අනිත් අයත් එක්ක බලද්දී මම මේ ඉන්න විදිය ගැන හරිම සතුටුයි”

ජීවිතේ වැඩියෙන්ම දුක හිතුනේ කවද්ද…? ”වැඩියෙන්ම දුක හිතුනේ දරුවෝ දෙන්නා මගෙන් දුරස් උන එක, අදටත් මම ඉල්ලන්නේ මගේ ළමයි දෙන්නා විතරයි අඩුම තමරමේ මම වන්දියක්වත් ඉල්ලුවේ නෑ, ඩිවෝස් එකේදී මම සියයට සියයක් නිවැරදි නෑ, මම කෙලින් කතා කරන කෙනෙක් මගේ අතින් වැරද්දක් වුනා ඒකයි ඩිවෝස් වෙන්න උනේ, හැබැයි මම සියට සියයක් වැරදි නෑ, මොකද මගේ අතින් එහෙම වැරද්දක් වෙන්න දෙන්නගෙම අතින් කාලයක් තිස්සේ වෙච්ච වැරදි බලපෑවා, ඉතින් මමම විතරක් වැරදි නෑ, ඒ වෙලාවේ අපි දෙන්නම වැරදියි”

මේධා ඔයාට හිතෙනවද ලංකාවට ලිවින්ටු ගෙදර් කන්සප්ට් එක තියෙනවට කැමතිද..? ”මගේනම් කිසිම අකමැත්තක් නෑ, මිනිස්සු බඳින්න කලින් එකට ඉඳලා ගැලපෙන්නේ නැත්තන් වෙන්වෙලා යන එක හොඳයි මොකද බැඳලා ළමයි හදලා වෙන් වෙන්න ගියාම ළමයි එහෙම ගොඩක් විඳවනවා, අපේ මිනිස්සු පිටරට මිනිස්සු වගේ නෙවෙයි, පිටරය අය ඩිවෝස් උනාම ආයේ මීට් වෙනවා ළමයි බලන්න දෙනවා, හැබයි අපේ අය එහෙම නෑ, ළමයි බලන්න දෙන්නේ නෑ දරුවෝ තියාගෙන පළිගන්නවා එහෙමනේ, ඉතින් මම නම් කියන්නේ ලිවින්ටු ගෙදර් සංකල්පය ඇත්තටම හොඳයි”

ජීවිතේ වැරදුන තැනක් හදාගන්න අවස්තාවක් ලැබුනොත් මේධා මොකද කරන්නේ ” ජීවිතේ වැරදි කියන්නේ මෙහෙමයි මම මගේ අතින් වෙච්ච වැරදි මම හදාගන්න කැමති නෑ, මම හැමතිස්සෙම එකක් අල්ලගත්ත එකේම ඉන්නවා, අනිත අය වගේ එතන ගැලපෙන්නේ නැත්නම් වෙන කෙනෙක් ලඟට ගියේ නෑ එකේම හිටියා මම ගොඩක් වැරදි තැන්වල නතරවුනා ඉතින් මම ආයේ වැරදි හදාගන්න ට්‍රයි කරන්නේ නෑ,”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *