ගායන ක්‍ෂේත්‍රයේ හැමෝගෙම හදවත් දිනාගෙන ඉන්න ගායකයෙක් තමයි දමිත් අසංක කියන්නේ, දමිත්ගේ හඬට වශී නොවුන ලාංකිකයෙක් නොමැති තරම්, මොකද ඒ ආදරණීය ගැඹුරු කටහඬට ලාංකිකයන් වන ඔබත් මමත් ගොඩක් ආදරෙයි, ඉතින් අද අපේ කතා නායකයා තමයි ඒ හදවතේ ගායකයාවන දමිත් අසංක, ඉතින් දමිත් අයියේ මොනදව අලුත්ම තොරතුරු ”ලැබෙන ආරාධනා අනුව තෝරා බේරාගෙන ගීත ගායනා කරමින් යනවා, මම ඉපදුනේ වැල්ලවායේ, ඉතින් වැඩිපුර ඉන්නේ වැල්ලවායේ, පහුගිය කාලේ ආව බාදක එක්ක මම මගේ වැඩ නතර කලේ නෑ, බුදුන්ටත් ගල් පෙරලුව අය ඉන්නවා නේ එහෙම එකේ මම කවුද..? ඉතින් මම ඒ ගැන දුක් වෙන්නේ නැතුව මගේ වැඩ කරගෙන යනවා,”
දමිත් අයියේ ඔයා මාද්‍ය ඉදිරියට එන්නේ ගොඩක්ම අඩුවෙන්, ඉතින් කියන්නකෝ බලන්න ඔයාගේ පුද්ගලික තොරතුරු ටිකක් අපිට දැනගන්න ”මම ඉපදෙන්නේ වැල්ලවායේ අතිලියවැව ගමේ, මගේ අම්මට වගේම මගේ තාත්තටත් ගොඩක් ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන්, ඒ දෙන්නගෙන් මට මේ හැකියාව ලැබිලා කියලයි මම විශ්වාස කරන්නේ, සංගීත් නිපුන් විමලසිරි සර් තමයි මට හරි පාර පෙන්නලා මාව ගායකයෙක් කරන්න මුලික අඩිතාලම දැම්මේ විමලසිරි සර්,
ඒ සර් අපේ පාසලට එද්දී මම පාසලේ සංගීත කණ්ඩායමෙන් එලියට දාලා තිබ්බේ, මට ගායන හැකියාවක් නැහැ කියලා, විමලසිරි සර් තමයි මගේ හැකියාව දැකලා මාව ඉදිරියට ගත්තේ, ඒ නිසා මම එතුමාට හැමදාම ආචාර කරනවා, එතුමා තමයි සංගීතයෙන් ඉදිරියට යන්න වගේම මිනිස්සු හොයන්නේ මොනවගේ දේවල්ද කියලා මට ඉගැන්නුවේ, ඊටපස්සේ තමයි මට සංගීත ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය වගේම දැවැන්ත චරිත රැසක්ම හමුවෙන්නේ, ඒ යටත් මම ගොඩක් ගරු කරනවා,”
පසුගිය කාලයේ ඔබ ගැන විවිද කතා අහන්න ලැබුනා, ඒ අතරින් ප්‍රධාම එකක් වුනේ ඔබ නිලියක් සමග ප්‍රේම සම්බන්දයක් ඇතිකරගෙන හිටියා කියන එක, මොකද්ද මේ කතාවල තේරුම, ”මෙහෙමයි මට මුලින්ම ප්‍රේමනීය හැඟීමක් ඇතිවුනේ ඉස්කෝලේ තුනේ පන්තියේදී, ඔය සමාජ ජාලා ගොසිප් සයිට්වල කියන කතා ඔක්කොම බොරු, ඇත්තටම මම කිසිම නිලියක් හෝ ගායිකාවක එක්ක එහෙම සම්බන්දයක් තිබ්බේ නෑ, මට මගේ ජීවිතේ එක එක විදියේ ප්‍රශ්න ඇවිත් තියෙනවා, අනිත් කාරණය තමයි මම වැරද්දක් කරලා තියෙනවනම් මම ඒක කියන්න බය නෑ, ආදරේ කියන දේ තුලදී මිනිස්සු මුලා වෙනවා, එක මටත් පොදුයි, මම දෙපාරක් විවාහ වුනා, එක විවාහයක් අසාර්ථක වුනා, ඒ වගේම මට පුතාලා තුන්දෙනෙක් ඉන්නවා, අද මම එයාලා එක්ක සතුටින් ඉන්නවා, විවිද සම්බන්දතා ඇතිවුනා නැතිවුනා, අපි මිනිස්සුනේ, ඒවා දැන් අතීතේ දේවල්, එච්චරයි”